මීගමුවේ සුපිරි ක්‍රිකට් අඹ යහලුවන් දෙදෙනා අදත් ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් ?

0
143

dasun and duasදසුන් ශානක ඔහුගේ මුහුණු පොතේ ”සතුට යනු” යැයි විස්තර කර තිබුනේ බාලවියේ සිට එකට සිටි මිතුරන් දෙදෙනෙකු ලෙස ජාතික කණ්ඩායමට එකට ක්‍රිඩා කිරිමට හැකිවිමය.
ඔහුගේ මුහුණු පොතේ සටහන් නොතිබුනද ඔවුන් වෙනුවෙන් පසුගිය දිනවල මුහුණු පොත්වල සටහන් පිරුනේ මීගමුවේ මේ අඹ යහලුවන් දෙදෙනා පසුගියදා පැවැති 20-20 තරගයේදි ඉන්දියාවම හොල්මන් කරමින් පන්දු යෑවිමක නිරතවිම ගැනය.
එදා දසුන් කඩුලු 3 ක්ද දුෂ්මන්ත කඩුලු දෙකක්ද ලබාගත්තේය.
ඉන්දිය කණ්ඩායමේ හරි අඩක් කෙටි ලකුණු ගණනකට ක්‍රිඩාගාරය තුලට යළිත් හරවා යැව්වේ මීගමුවේ මේ පුංචි කොල්ලන් දෙදෙනාය.
මේ ගැන ඔවුන් මුලින් නියෝජනය කළ ශා.පීතර සහ හරිචන්ද්‍ර විදුහල් වලට මෙන්ම  මාරිස්ටෙලා විදුහලටද ඇත්තේ මහත් වු අභිමානයකි.
එපමණක්ද නොව අද මීගමුවට ආඩම්බරක් කැදවා ලන්නට මේ සුපිරි ක්‍රිකට් වීරයන් දෙදෙනා සමත්ව සිටිති.
අද රාත්‍රි 7.30 පැවැත්විමට නියමිත දෙවන තරගයේදිද  ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් වනු ඇත්තේ මීගමුවේ මෙ අඹ යහලුවන් දෙදෙනාය.
Dasun and dus 1