මීගමුවේ හොරා පොලිස් සෙල්ලම

0
91

මීගමුව තුළ අද කථා බහට ලක්ව තිබෙන මීගමුවේ පොලිස් කාරයන්ගේ රත්තරන් හොරකම පිළිබද කතාවේ දිගපළල  ටිකක් මැනගැනීම මේ කෙටි සටහනේ අරමුණයි.

වාර්තා වන අන්දමට මේ රත්රන් හොරකම් කරන සොරුන්ගෙන් නැවත ඒවා සොරකම් කිරිම මීගමු පොලිසියේ කිපදෙනෙකු විසින් දැනට කාලයක් තිස්සේ කරගෙන ගොස් තිබේ.
මේ පිරිසේ ප‍්‍රධානියෙක් ව සිටි අයි.පි වරයෙක් දැනට වසර කිපයකට ඉහතදි හදිස්සි හෘද ආබාදයකට ලක්ව මිය ගොස් තිබුනේද මේ එක් මෙහෙයුම්ක් ගැන අනික් අයටද තොරතරු හෙළිව තිබිම නිසා ඇති වු කම්පයනකින් යැයි පොලිස් සේවයේ බහුතරයකගේ පිළිගැනිමයි. ඉන් අනතුරුව ඒ කොල්ලය තවත් කොස්තාපල් වරයෙක් ඔස්සේ ඉදිරියට ඇදෙයි.

බි.පි මොහොමඞ් කඬේ ඉදිරිපිටින්  මාර්කට් එක දෙසට දිවෙන පාරේ පිහිටි එක්තරා රන්බඩු අලෙවි සැලක්  මෙසේ සොරුන් විසින් ගෙන එන රන් මිළට ගැනිමට ප‍්‍රසිද්ධියක් උසුලයි. මෙහි අයිතිකරු මේ ඇතැම් අවස්ථාවල  මේ සොරුන් ගැන තමන්ගේ කල්ලියේ පොලිස් සගයන්ට දැනුම් දෙයි.  එවිට මේ පොලිස් කල්ලිය පැමිණ  අර සොරාව අත්අඩංගුවට ගෙන රන් තොගය ඔවුන් සන්තකයට ගෙන ඉන් කොටසක් පමණක් උසාවියට ඉදිරිපත් කරති.  පසුව ඉතිරි රන් විකුණා ලාභ බෙදාගනිති.

මේ මෙහෙයුමේ තවත් එක් රංගනයක් පසුගිය දිනක කි‍්‍රයාත්මක වුවද ,හරහට සිටියේ මේ රන් බඩු සහ මැණික් ගල්වල අයිතිකරු පොලිස් සේවයේ විශ‍්‍රාමික ඉහල  නිලයක් දැරු අයෙක් විමයි. ඒ අනුව මිරිහාන පොලිසිය මැදිහත්ව සොරුන්ගෙන් රන් සොරකම් කළ  පොලිස් කල්ලිය අත්අඩංගුවට ගන්නා ලදි.
මේ අනුව මේ හොරා පොලිස් සෙල්ලම පළමු වරට දැන් රටට හෙළිදරව් කරන්නට ඉඩක් ලැබි ඇත.
මේ ප‍්‍රධානියෙක් යැයි කියන මීගමුව පොලිස් ස්ථානාධිපති තවමත් පොලිස් ඇසට වැලි ගසමින් කට්ටි පනිමින් සිටි.