මීගමුවේදි නීතිය අතට ගත් මැරයන්ට එරෙහිව පොලිසිය නිහඩද ?

0
186

21129883-policeman-kid-cartoon-background-in-format-very-easy-to-edit-Stock-Vector(7.00 am ) ඊයේ දිනයේ මිගමුවේ ස්ථාන කිපයක සිදුව තිබුණ අවසනාවන්ත තත්වය දැන් මුළුමනින්ම පාලනය කිරිම ආරක්ෂක අංශ විසින් කටයුතු කර තිබේ.සැබැවින්ම එය ත්‍රිරෝද රථ ගාල් දෙකක් අතර කලක පටන් පැවැති ආරවුලක්ය.
ඒ ගැන පැමිණිලි කිපයක්මත් කොච්චිකඩේ පොලිසියේ පවති.
ඊයේ සිදුව තිබුනේ මේ එක් පිරිසක් බිමතින් පැමිණ සිදුකරන්නට  යෙදුන ප්‍රහාරයකි.ගැටුම ඇවිල යන්නේ ඉන් අනතුරුවය.
එහෙත් පැවැති කලබලකාරි තත්වයේදි නිතිය අතට ගෙන කටයුතු කළ සියළු දෙනාට තරාතිරම නොබලා   පොලිසිය නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබේ.
එවැනි තත්වයක් මිගමුවේ බොහෝ තැන්වලදි සිදුවි නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
විශේෂයෙන්ම සංචාරක කලාපය තුල ව්‍යාපාරික ස්ථාන කිපයකටම මේ ප්‍රහාරයන් හේතුවෙන් අලාභ හානි සිදුව තිබේ.
මිගමුවේ බොහෝ තැන්වලදි මේ පහරදිම් සහ වාහන වලට පහර දිම් සිදුව තිබුනේ පොලිසිය හා හමුදාව බලා සිටියදි බවට වන සාක්ෂි දැන් ඕනෑ තරම් සමාජ මාධ්‍ය ඔස්සේ සැරසරමින් තිබේ.
මෙය සැබැවින්ම අවාසනාවන්ත තත්වයකි.
මෙයින් සිදුවනුයේ අන්තවාදින්ට තවත් උඩගෙඩි සැපයිමකි.
කෙසේ වෙතත් ආරක්ෂක අංශ පමා වි හෝ විශාල වශයෙන් පැමිණිම හේතුවෙන් ඇතිවිය හැකිව තිබු බරපතල විනාශයක් වැලකි ගොස් තිබුණි.
දැන් රටතුලඇත්තේ හදිසි නිති තත්වයකි. හමුදාවට පවා උපරිම ලෙසින් බලතල ලබා දි ඇත.
එහෙත් මිට පෙර පවා මිගමුවේ ඇතැම් ස්ථානයන්හිදි සිදුවුන පහර දිම් වලදි ආරක්ෂක අංශ විසින් අදාල මැරයන් අත්අඩංගුවට ගැනිමට හෝ සිය බලතල යොදා එකි පහර දිම් නවතා දැමිමට කටයුතු කර තිබුනේ ද යන්න ඇත්ත වශයෙන්ම සැකසහිතය.
පසුගිය දිනක යතුරු පැදි 6 කින් පැමිණ තිබුණ තරුණ කණ්ඩායමක් කටාන මහහුණුපිටිය ප්‍රදේශයේදි මුස්ලිම් ව්‍යාපාරිකයන් පිරිසකට පහර දි  ව්‍යාපාරික ස්ථානවලටද අලාභ හානි සිදුකර තිබුණි. ඒ අවට ආරක්ෂක අංශ සමාජිකයන්ද  සිටි බව ඒ අවට අය පවසා තිබුණි.
මේ සිදුවිම සම්බන්ධයෙන් අප කටාන පොලිසියෙන්  කළවිමසුමකදි අදාල මැරයන් පැමිණි යතුරු පැදිවල අංක පිළිබද විස්තර ලබාගැනිමට මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවට දන්වා ඇතැයි යන්නේ ඔවුන්ගේ පිළිතුර විය.
නීතිය හා සාමය පිළිබදව වගකිම පවතින්නේ රටේ ජනාධිපතිවරයාටය. ඔහු මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියානොකරන්නේ නම් එහි වන්දිය යළිත් වරක් ගෙවන්නට සිදුවන්නේ අසරණ මිනිසුන් හටමය.මෙය සැබැවින්ම අවාසනාවන්ත තත්වයකි.
කිසියම් හෝ පිරිසක් නිතිය අතට ගෙන කටයුතු කිරිමට යන්නේ නම් ඒ අයට උපරිම දඩුවම් දිම මත පමණක් මේ අවාසනාවන්ත තත්වයන් පාලනය කරගැනිම හැකි පරිසරයක් නිර්මාණය වනු ඇත.
එසේ නොවන්නේ නම් එය පුර්වාදර්ශකයට ගෙන තැන තැන මැරයෝ කැලෑ නිතියම රජකරනු ඇත.