මීගමුෙව් අභියෝගය හලාල්ද?

0
104

මීට වසර ගණනකට ඉහතදි මීගමුවේ දෙමළ කඩවලින් බඩු ගන්නට එපා යැයි කියමින් සිංහලයන් සංවිධානය කිරිමේ ව්‍යාපාරයක් විය.එහි නායකත්වය දරන ලද්දේ සිංහල වීර විදාන නම් සංවිධානයක් වු අතර මීගමුව තුල ඇතම් සිංහල ව්‍යාපාරිකයන් පිරිසක් මෙයට සම්බන්ධව සිටි අතර මීගමුවේ එක්තරා පන්සලක් විසින් මෙයට එකල නායකත්වය ලබාදෙන ලදි.
එසේ ඇරඹි දෙමළ විරෝධය අවසන් වුයේ මේ රටේ දහස් ගණන් ජනයාට දිවි අහිමිකරමින් ලංකාව මුළු ලෝකයා ඉදිරියේම අවමානයකට ලක්කිරිමෙනි.
මේ රටේ පාලකයන්ට සිය පවුල් පාලනය ඉදිරියට ගෙන යාමට නම් නැවතත් බිල්ෙලක් මහා අද මේ රටේ සිංහලයාට ඇති සැබෑ අභියෝගය නම් මේ හලාල් හරහා එන මුස්ලිම් බිල්ලා බව නැවත නැවතත් එත්තු ගැන්විය යුතුය.
එදා සිංහල විර විදාන විසින් දෙමළාට එරෙහිව ගොඩනැගු විරෝධය අද මේ සමාජය තුල පතුරුවාලන්නේ මුසල්මානුවාට එරෙහි බොදු බල සේනා සංවිධානය විසිනි.
මීගමුව යනු දේදුනු නගරයකි. එහි සියළු ආගම් හා ජාතින් සමගියෙන් ජිවත් වන නගරයකි. එහෙත් මෝඩ කතෝලික කේව්ටයින් රැලක් විසින් මේ සමගිය බිදින්නට ගත් නිවට උත්සායක් විය.
මේ අතර බොදු බල සේනාවේ අවතාර මීගමුව තුලද දැන් සැරිසරන්නට පටන් ගෙනය.
තමන් ජනයා සංවිධානය කළ යුත්තේ තමන් පෙලෙන ඇත්ත ප්‍රශ්ණ වෙනුවෙන් වුවත් බොදු බල සේනාවේ මේ හලාල් විරෝධය රාජපක්ෂ පවුල් පාලනය ඊළග මැතිවරණයට මුහුණ දිමේදි සිංහල බහුතරයේ ජන්දය තමන් වෙත ඩැහැගැනිමට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතියකි.
මේ විකෘතිය හමුවේ සිදුවන්නේ ජනයා පෙළ ගැසිය යුතු වන ඇත්ත ප්‍රශ්ණය මග හැර යාමයි.
මීගමුව තුල අද බරපතල අභියෝගයක්ව පවතින්නේ තරුණයන් මතට ඇබ්බැහි කරවන විකල්ප පෙති වංසගතයයි.
හලාල්  වලට එරෙහිව  සිංහල බෞද්ධ ජනයා සංවිධානය කිරිමට වලිකන සැමට  අපි කියන්නේ සුඩොල් නම් පතිජිවක ඔෘෂධය තරුණයන්ව මත් කිරිමට යොදගනු ලබන සංවිධානාත්මක ජාවාරමට එරෙහිව ජනයා සංවිධානය කිරිමට පියවර ගන්නා ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here