මීනීමැරුමකට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට

0
95

වෙන්නපුප්ව කොලින්ජාඩිය සුදුවැල්ල ප්‍රදේශයේදී හෙරොයින් හා ගංජා ලග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකුව දින කීපයකට පෙර වෙන්ප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.  මෙම පුද්ගලයන් සතුව  හෙරොයින් මි.ලි.ගෑ් 60ක් හා ගංජා මි.ලිග්‍රෑම් 360ක් තිබී ඇති අතර ඒවා සිය යතුරු පැදියේ සගවාගෙන  ප්‍රවාහනය කරමින් සිටියදී  සොයාගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් දෙදෙනාගෙන් ඒක් පුද්ගලයෙකු දැනට වසර දෙකකට පෙර කොලින්ජාඩිය ප්‍රදේශයේදී පිහි ඇනුමකින් සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකි. මොහු ඇප මත නිදහස්ව සිටි අතර දී මෙලෙස කුඩු සහ ගංජා ව්‍යාපාරයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන තිඛේ.
මෙම වැටලීම හලාවත කොට්ඨාශ භාර පොලිස් අධිකාරී සුරන්ජිත් කුමාරපේලි,වෙන්නප්පුව  සහකාර පොලිස් අධිකාරී දේශප්‍රිය ජයතිලක මහතාගේ  අධික්ෂණයේන හා වෙන්/පොලිස් ස්ථානාධිපති වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත  සිදුකර ඇත. th