මීපුර හෙළිදරව්ව පළදරයි.පියතුමන්ලාට මිළ අධික තෑගිදෙන්න එපා.කාර්දිනල් හිමි කියයි .

0
57

cardinal statementnewmalkae2010කිතුණු දේවස්ථාන වලින් මෙන්ම කිතුණු ආයතනවල සේවය කොට වෙනත් ස්ථාන කරා මාරුවිම් ලැබ සමුගෙන යන කතෝලික පියතුමන්ලාට මිළ අධික තෑගි ලබාදිම සදහා මුදල් එකතුකිරිම කිසිදු අයුරකින් නොකරන ලෙස ඉල්ලමින් කාර්දිනල් මැල්කම් රංජිත් හිමි විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිිබේ.
කතෝලික පුවත්පත වන ඥානාර්ථ ප්‍රදිපයේ මෙන්ම එහි ඉංග්‍රිසි පුවත්පත වන ද මැසෙන්ජර් හිද එය පළකර තිබුණි.
පසුගිය ගිය දිනක මීගමුවේ ප්‍රධාන කතෝලික පාසැලක විදුහල්පති පියතුමාගේ සමුගැනිමේ උත්සවය වෙනුවෙන් අදාල පාසැලේ ආචාර්ය මණ්ඩලය විසින් රු 3000 ක මුදලක් එක් පවුලකින් ලැබෙන්නේ නම් මැනවි යැයි කියමින් එය එකතු කරන්නට පටන්ගෙන තිබුණි.
පසුව අප එය හෙළිකිරිමෙන් පසුව අදාල විදුහල්පති පියතුමාගේද ඉල්ලිම මත එසේ මුදල් එකතුකිරිමේ කටයුත්ත නවතා දැමුණි.
කෙසේ වෙතත් අප විසින් පළ කල ඒ පුවතේම සදහන් කර තිබුනේ මීගමුවේ තවත් ජනප්‍රිය කතෝලික පාසැලකින් සමුගෙන ගිය විදුහල් පති පියතුමෙකුට ලක්ෂ 48 ක් වටිනා හයිබ්‍රිඩ් මෝටර් රථයක් තෑග්ගක් ලෙසින් ලබාදිම ගැනය.
මේ සියළු හෙළිකිරිම් තුල කාර්දිනල්වරයා විසින් අදාල නිවේදනය නිකුත් කර තිබේ.
එඒ නිවේදනය  අවසානයේ එතුමන් සදහන් කර ඇත්තේ පාප්තුමන් ලංකාවට පැමිණි අවස්ථාවේදි දුන් මුදල් ආධාරයක් එතුමන් විසින් මෙරට දුප්පතුන්ට ලබාදෙන ලෙස කියමින් නැවතත් භාරදි තිබිම ගැනය.