පවුලේ ආහාරවේල රසවත් කරගැනීම ගැනීම සදහා පැරණි ගැමි කාන්තාවන් කුළුබඩු සහ ලුණු නිසි ලෙස සකසා ගත්හ. සෑම ගෙදරකම ලුණු පොල් කට්ටක් විය. සූදුරු ,මාදුරු, එනසාල්, කුරුදු පොතු,ගම්මිරිස්, යන කුළුබඩුද මිරිස් ද දමා සකසා ව්‍යංජන රසවත් කරගැනීමට ඹවුන් දක්ෂ විය. ගම නාගරීකරණය වීමත් සමග මෙවැනි දෑ පිළියෙල කරගන්නා ආකාරය වෙනස්විය. මිරිස් අද මෝලෙන් කොටා ගතහැකි නිසා සහ පහසුවෙන් කළහැකි දේවල් කෙරෙහි යොමුවීම නිසාත්,මිරිස් අඹරා ගැනීමේ අවශ්‍යතාවයක් නැතිවිය.
පවුලේ ආර්ථිකය පවත්වා ගැනීම උදෙසා නිරන්තර අරගලයක යෙදෙන කානතාවන් අතරින් ඉහත සඳහන් කළ මිරිස් වෙළඳඳාමේ ආරම්භය සිදුවිය.මේ ගැන හොදින් දන්නා දැනට ජීවතුන් අතර සිටින මේරි මර්සි ප්‍රනාන්දු (73) සිරිවර්ධන පෙදෙසේදී අපට මුනගැසී කතා බහක යෙදුනේ මෙසේය.
ර්”අපේ ලොකු අම්ම තමයි මුලින්ම මිරිස් වෙළඳාම පටන් ගත්තෙ. එතකොට මට වයස 15ක් විතර ඇති. ඉස්කෝලෙ යනකොට මම ලොකු අම්මට උදව්කරනවාග ඉස්කෝලෙ ඉදල ආවට පස්සෙත් ඒ වැඩ තමයි කරන්නෙ. අපේ තාත්ත මිරිස් ගේනව. අපි ඒව කෑලි වලට කපනව ඊට පස්සෙ ඒවා කබල් ගානවා. ඊලගට ලුණුල ගම්මිරිස් ල දාල පෙගෙන්න තියල ගලේ අඹරල ගන්නවා. මේ වදිහට මිරිස් වඩිය හදල රු. 5,10 15, 20, වගේ ගණන් වලට වෙළඳාම් කරනවා ”
ලබන ලාභය සුළු වුවත් මහන්සිය අධික විය. එහෙත් මහන්සියෙන් උපයා ගන්නා මුදල දුප්පත්කම නිසා වැදගත්වු බව මේරි අම්මා අප සමග පැවසුවාය. මේරි අම්මා මේවනවිට ඇස්වල අසනීපයක් නිසා මෙම රස්සාවේ සියළු කටයුතු තම ලේලියට පවරා ඇති බවත් ල ඇය මිරිස් ල මෝලෙන් කොටා අඹරා ගෙන වෙළදාම් කරන බවත් පැවසුවාය. පෙරදී ඉතා සුළු මුදලක් උපයා ගත්තද ඇගේ ලේලියවු යෝගරාණි දිනකට රු 1000ක පමණ මුදලක් උපයා ගනී.
එසේම පෙර පෙර කාලයේ ගැහැණුන් කළ ගොඩක් වෙහෙස වී සිදුකරන්නට යෙදුණ රටාවට අනුගත නොවේ. පහසුවෙන් කළහැකි ක්‍රම වලට වර්තමාන කාන්තාව අනුගත වී ඇත. නිවසේ අදායමට ඇගේ මේ ව්‍යාපාරය ශක්තියක් බව පවසන ඇය ගේ අවශ්‍යතාවය වන්නේ මිරිස් කෙටීම සදහා යන්ත්‍රයක් මිළදී ගැනීමට කිසියම් සහයෝගයකි. මේ වනවිට මිරිස් කිලෝ 1ක් කෙටීම සඳහා රුපියල් 60ක් ගෙවිමට සිදුවන බවත් එබැවින් තමන්ට ලැඛෙන ලාභය අඩුවන බවත් , බැංකු ණයක් හෝ ,මුදල් ආධාරයක් ලැඛෙනවා නම් තමන්ටම මිරිස් කොටා ගැනීමට උපකරණයක් මිළදී ගත හැකි බව ඇය පවසයි.
මුන්නක්කරය අලියාපොල අසල ජීවත්වන ඩේසි රාණිද (51 ) කුළුබඩු වර්ග කොටා සකසා අලියපොලේ තබා විකුණයි. එසේම ඇය මිරිස් වෙළඳාමේ යෙදුනු පවුලක පුරුකක් වන අතර මින් රු. 1500ර ක පමණ මුදලක් උපයා ගන්නා බවත් මේ සඳහා දවසත් ඇතුළත කොටා අඹරා ගන්නා මිරිස් විකිණී අවසන් වන බවද ඇය පවසයි. දරු තිදෙනෙකුගේ මවක් වන ඩේසි රාණි පවුලේ කටයුතු කරගෙන යාම සදහා සුළු ධීවරයෙකු වන තම සැමියා වෙත මේ මඟන් ලබා දෙන්නේ යෝධ ශක්තියකි.
කුරුකලසූරිය එතල් ප්‍රනාන්දු (අවු. 85 ) සිරිවර්ධන පෙදෙසේ දරුවන් 6දෙනෙකුගේ මවක්. තම මවගෙන් ලැබු ආභාෂය මත මෙය කරගෙන ආ බව ඇය ප්‍රකාශ කරයි.
”මගේ මහත්තය ධීවර රස්සාව කළේග එයා නැති වුනාට පස්සෙ ළමයි හදාගන්න මම මේ වැඩේ පටන්ගත්තා. අසනීප නිසා මම දැන් මේ රස්සාව ලොකුවට කරන්නේ නෑ. ග්රෑ ම් 500ක පමණ මිරිස් කොටාගෙන හදල ගෙදරට එන අයට විකුණනවා.
තමන්ගේ ජීවිකාව සඳහා ප්‍රධාන වශයෙන් මිරිස් සහ අනෙකුත් කුළුබඩු කොටා අඹරා ඒවා නිසිලෙස සකසා විකුණමින් ජීවත්වන මේරි මාසිලා (අවුරුදු 54 ) සිරිවර්ධන පෙදෙසේදී හමුවු තවත් කාන්තාවකි. තම ජීවන අරගලයේ දී මිරිස් වෙළඳාමේ පූර්ණකාලීනව යෙදෙන ඇය අප හමුවන මොහොතේද ගලේ මිරිස් අඹරමින් සිටියාය. ඒ අතර මිරිස් කපා ගැනීම, කබලට දමා බැඳගැනීම, ගම්මිරිස් ,ලුණු ආදිය යොදා කොටා ගැනීම , වතුරෙන් පොගවා ගලේ දමා අඹරා සියල්ල සිදුකරන ආකාරය පැහැදිළි කළාය.
ර්” මම මේ වැඩේ පටන් අවුරුදු අවුරුදු 25ක්. මිරිස් ගුලි හදල සූරිය කොලේ දාල තමයි විකුණන්නේ. රු.10,20,30,50 ගුලි තමයි දෙන්නේ. සමහර වෙලාවට රු200, 300 ටත් විකිණෙනවා. ඇය සකසා ගන්නා මිරිස් ගුලි සිරිකුරුස පාලම අසල ඇති වෙළදපොලේ තබා වෙළදාම් කරගනියි.
මේරි මර්සිලිනා ද (අවුරුදු51 ) සිරිවර්ධන පෙදෙසේ මිරිස් වෙළෙන්දියක්. ඇයගේද අම්මා, ආච්චි ,පුංචි අම්මා, යන සියළු දෙනා මිරිස් වෙළඳාමේ යෙදී ඇත. ඇය සිය වෙළඳාම සිදුකරන්නේ ගෙවල් වලට ගොස් විකිණිමෙනි. සිය ස්වාමියා මියගිය පසු පවුලේ කටයුතු පවත්වා ගෙන යන්නේ මෙම මිරිස් වෙළදාම මගින් බව ඇය පවසයි.
මෙතෙක් අප සාකච්ඡා කළ එම කාන්තාවන් ඉතා අපහසුවෙන් වුවද තම ජීවන අරගලය සඳහා කරගෙන යන මෙම සම්ප්‍රදායක වෙළඳාම විසින් මුන්නක්කරයට විශේෂ ආහාර සංස්කෘතියක් නිර්මාණය වී තිඛේ. මීගමුවේ වැඩි ජනගහනයක් සිටින මුන්නක්කරය සහ සිරිවර්ධන පෙදෙසේ මේ සඳහා සුදුසු වෙළඳපොළක් ද නිර්මාණය වී ඇත. ඇඹරෙන මිරිස් වලින් සූරිය කාන්ත කොලයක ඹතා සැකසෙන මිරිස් ගුලි එම ජනතාවගේ ආහාර රසවත් කරනවා සේම සම්ප්‍රදායික සුළු වෙළඳාමක් ඉදිරියට ගෙන එමින් තම පවුලේ නඩත්තුව උදෙසා මෙම කාන්තාවන් කරන කැපකිරීම අප අගය කළ යුතුය.
ඡායාරූප සහ සටහන – සැම්සන් ඥානසිරි