මුලතිව් මාධ්‍යවේදියාට එල්ල වු හමුදා ප්‍රහාරය බොරුවක්ලු ?

0
117

මුලතිව් මාධ්‍යවේදියාට එල්ල වු හමුදා ප්‍රහාරයක් බොරුවක්ලු ,කොළඹ ප්‍රධාන මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති ලොක්කෙක් කිව්වලු.
පසුගිය 27 වෙනිදා මුලතිව් නිදහස් මාධ්‍යවේදි විශ්වලිංගම් විශ්වචන්ද්‍රන්ට හමුදා සොල්දාදුවන් පිරිසක් විසින් එල්ල කරපු ම්ලෙච්ඡ ප්‍රහාරයක් බොරුවක් කියල ප්‍රකාශ කරල තියෙන්නේ ජනප්‍රිය ප්‍රවෘත්ති අංශෙක ලොක්කෙක් , එයා මොකා වුනත් මිනිහ නම් මාධ්‍යවේදියෙක් වෙන්න බෑ. සමහර විට මාධ්‍ය වෙස්ගත්තු සොල්දදුවෙක් වෙන්න ඇති.

ලැජ්ජයි හලෝ
තමුසෙලා වගේ උන්ට මාධ්‍යවේදින් කියනවට.



විශ්වලිංගම් පෙරලගෙන ගහන වෙලාවේ එතනට ඇවිත් මැදිහත්වුන අය නොවෙන්න තවත් ඛේදවාචකය ඇතිවෙන්න ගියා කියන එක තමයි සිද්ධිය ඇසින් දැකපු අය කියපු පට්ට ඇත්ත ඒත් මේ පුවත කොළඹ මාධ්‍ය ආයතන විතරක් නෙමේ විකල්ප කියල ලේබල් ගහගෙන ඉන්න වෙබ් අඩවිත් මේ ගැන වචනයක් ලිව්වේ නැ. මේ සමහරක් අයට දිනක්ෂිගෙ දුවට බේත් විදින ඒක පුවතක් වුනාට ලේපෙරෙන්න හමුදාවෙන් ගහපු විශ්වලිංගම්ගේ කතාව පුවතක් වුනේ නැ. ඒ විතරක් නෙමේ දකු⁣නේ මාධ්‍ය කණ්ඩායම් වලටත් මේ ගැන ලොකු අවධානයක් තිබුන කියල අපට නම් හැඟුනේ නැ. මේ ප්‍රහාරයට එරෙහිව මේ වෙනකොට දකු⁣ණෙ සංවිධානය වුන එකම විරෝධතාවය මිගමුවේ පැවැත්වුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍ය සංවිධානය වලට මුලිකත්වයෙන්
නමුත් මේ ගැන වාර්තා කරන්නද කියල අහපුවාම එක මාධ්‍ය ආයතනයක කෙනෙක් තමයි කියල තිබුනේ ඒක බොරුවක් ඒ හින්ද ආවරණය කරන්න එපා කියලා.
ලැජ්ජයි හලෝ
.ඊයේ තිබුන වැඩේ කොළඹ මාධ්‍ය ආයතන වලට පුවතක්ද වෙයිද කියල තාමත් දන්නේ නැ.
බලමු.
අපිත් හොඳට බලන් ඉන්නවා.
ඒ හින්ද මේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය වලට ප්‍රතිපත්ත මුලික ජනතා මුලික න්‍යාය පත්‍ර තමය තියෙන්නේ …

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here