මුල්‍ය කළමණාකරණය නොදත් ඇමති ලංසා?

0
179

ජනතාව මත පිඩනය පටවමින් ,රටම අර්බුදයක හෙලා ඇති වත්මන් ආණ්ඩු⁣⁣වේ මුදල් ඇමතිගේ සමිපතම ඇමති ගෝලයෙකු වු නිමල් ලංසා ඉල්ලා අස්වු බව කියු පුවතක් ඊයේ මාධ්‍ය ප්‍රචාරය වි තිබුණි.ගිලෙන නැවෙන් කලින්ම පනින අය අතර ඉදිරියෙන්ම සිටින්නට තරම් ඉහලම සුදුසුකම් ඇති නිමල් ලංසා සැබැවින්ම ඉල්ලා අස්වුයේ ඇයි.

මිගමුව සහ මහජන බදු මුදල් පවුලේ බූදලයක් යැයි සිතා දශක ගණනාවක් තිස්සේ පාලනය කරන ලංසා පවුල රටේ එවැනි නරුම දේශාපාලන පවුල් අතර දෙවෙනි වන්නේ රාජපක්ෂලාට පමණි.

ගිය වසර සඳහා වෙන්වු තිබු සමස්ත ප්‍රතිපාදන වලට වඩා විශාල මුදලක් ඇමති ලංසා වැය කර තිබුනි.රට මුහුණ දි ඇති තත්වය හමුවේ වියදම් පාලනය කිරිම සදහා ඇමතිවරුන් හට යම් මුල්‍ය පාලන සිමාවන් යොදා තිබුන බව සැලය.

⁣තතු එසේව තිබියදි ගිය වසරේ වෙනකර තිබුන ප්‍රතිපාදන ඉක්මවා ගිය ඇමතිවරුන් හට මේ වසරේ මුදල් ලබානොදිමට අමාත්‍ය තිරණයක් තිබුන පසුබිමක ඇමති ලංසා ඉදිරිපත් කර තිබුන ව්‍යාපෘතියක් සඳහා මුදල් ලබාදිය නොහැකි බව අමාත්‍යාංශයේ නිලධාරින් කියා සිටියදි ඉන් කිපුන ඇමති ලංසා කෑකෝ ගසා සුපුරුදු හැසිරිමක නිරතව තිබුන බවද වාර්තාවේ.

ඇමති ලංසාගේ මේ ඉවත් විම එහි ප්‍රතිඵලයක් මිස දේශපාලන වාසි වෙනුවෙන් පාස්කු ප්‍රහාරය ගැන කිඹුල් කඳුළු හෙලමින් රංගනයේ දිගුවක් නොවන බවද කිතුණු ජනයා නිවරදිම තේරුම්ගත යුතුයැයි නම සඳහන් කිරිමට අකමැතිවු මිගමු දේශපාලකයෙකු මිපුර අමතා ප්‍රකාශකර තිබුණි.මන්ද ලංසා ඉදිරි දිනවලදි මයික් ඉදිරියේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් අල්ලනට මේ රජය අපොහොසත් වු නිසා ඇමති කමින් ඉවත් වු බව වැනි සංදර්ශනද පැවැත්විය හැකිව තිබෙන බැව් අප අමතක නොකළ යුතුය.