මුස්ලම් ජන අයිතීන් ගැන කිසිවක් කථා නොකළ මීගමුවේ මුස්ලම් මන්ත්‍රිලා???

0
124

91108661_2592777041046646_3273541850157285376_oමුස්ලිම් ආගමික විශ්වාසයන් පිළිබද තීරාණාත්මක සංවාදයක් පසුගිය කාලය පුරාවට මතුව තිබුන අතර එයට මුල්ව තිබුනේ කොරෝනා හේතුවෙන් මිය යන මුස්ලිම් භක්තිකයන්ගේ සිරුරු ආදාහනය පිලිබද කරුණයි.

⁣ලෝකයේ රටවල් 194 ක් පුරා ක්‍රියාත්මක කොරෝනා නිසා මිය ගිය අය භුමදානය කිරිම ලංකාව තුලදි ඉඩක් ලැබි තිබුනේ නැත.එය සැබැවින්ම විද්‍යාත්මක කරුණු පදනම් කරගත් එකකට එහා ගොස් මහ ජාතිය පිනවිම අරමුණු කොටගත් ඉතාමත් පටු  සිමාවක රැදි තිබුණි.

ලංකාවේ පළමු කොරෝනා මුස්ලිම් මරණය සිදුව තිබුනේ මිගමුව පෝරුතොට ප්‍රදේශයේය.ඇතැම් කොරෝනා පරික්ෂණ වල ප්‍රතිපලවල නිරවද්‍යතාව ගැනද ගැටළු  මතුව තිබුණ පසුබිමක කෙසේ වෙතත් පළමු මුස්ලිම් කොරෝනා  යැයි කියු මරණය සම්බන්ධයෙන් සැමගේ ඇස්වලට  වැලිගසා මිගමුව පොදු සුසාන භුමියේ මැදියම් රැයකදි හොර රහසේ අදාහනය කිරිමේ කටයුත්තට මුල් වි තිබුනේ මිගමුව නගරාධිපති දයාන් ලංසා පුමුඛ නගර සභාවයි.

මෙම දේහය පෝරුතො⁣ට මුස්ලිම් දෙවස්ථායේ වලදැමිමට ඉඩ දෙනවා යැයි වලක්කැපිමටද පියවර ගෙන තිබුණද ඒ කිසිවෙකුට හෝ නොදන්වා සැම දෙනා රවටා පළඹු ආදාහනය එසේ සිදුකරමින් ඒ ඡායාරුප මිගමුව නගරධිපති දයාන් ලංසාගේ  ෆේස් බුක් පිටුව හරහාද සමාජ ගත කර තිබුණි.පෝරුතොට මරණ්‍ය

තතු එසේව තිබියදි මිගමු මහනගර සභාව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රිවරුන් 5 දෙනෙකු සිටියද මේ එකදු මන්ත්‍රිවරයෙකු මීගමුව නගරාධිපති ගේ මේ ක්‍රියාව ගැන හෝ රට තුල මුස්ලිම් ආගමික අයිතිය උල්ලංගණය කරමින් සිටිකරගෙන යමින් ඇති අදාහනය ගැන මිගමුව මහනගර සභාව තුල අඩුම තරමින් වචනයක් වත් කථා කර තිබුනේ නැත.
ඒපමණක් නොව එජාප නියෝජනය කරන නස්මියාර් නැමැති මුස්ලිම් නාගරික මන්ත්‍රිවරයා මුස්ලිම් ආගමිකයන්ගේ ජන අයිතියටද පස්ස හරවමින් කටයුතු කරගනෙ යන පොහෝට්ටුවේ මිගමු අයවැය දිනවිමට කිසිදු හිරිකිතයකින් තොරව කටයුතු කර තිබුණි.
ඒ අනුව ගත් කළ මිගමුවේ මුස්ලිම් මන්ත්‍රිලා යනු  ලංසා පවුලට අනුව නැටවෙන රූකඩ කිපයක් විනා මුස්ලිම් ජනයාගේ සැබැ අයිතින් වෙනුවෙන් හඩ නගන අය නොවන බව මිගමුව මුස්ලිම් සමාජය දැන් ඉතාමත් හොදින් දනි.

කෙසේ වෙතත් කලක සිට දිගින් දිගටම මුස්ලිම් ජන අයිතිය වෙනුවෙන් නිරන්තරයෙන්ම මැදිහත්වු පිරිසකගේ ක්‍රියාකාරිත්වය නිසාවෙන් මුස්ලිම් දේහයන් ආදාහනය කිරිමට වෙනුවට භුමිදානය කිරිම ගැන ඉදිරියේදි රජයට තීන්දුවක් ගැනිමට සිදුවනු ඇත.

මේ නිසාම නිමල් ලංසාලා  වැනි අවස්ථාවාදි කපටි දේශපාලකයන් කතෝලිකයන් වෙනුවෙන් කිඹුල් කඳුළු හැලුවාවක් මෙන් හෙට දිනයේ කොරෝනා හේතුවෙන් මිය යන මුස්ලිම් ජනයාගේ දේහයන් ආදාහනය වෙනුවට භුමදානය කිරිමට යැයි කියා තමන්ගේ අවස්ථාදි ගෝලයන් ලවා උද්ගෝෂණ සංවිධානය කිරිමට පවා කටයුතු කරන්නේ නම් එ  සැබැවින්ම පුදුම විය යුතු නැත