මුස්ලිම් ඇමතිවරුන්ට එරෙහි මිගමු පෙරහැර ලංසා පවුලේ ඉරණම තීරණය කරයිද ?

0
263

FB_IMG_1559656161116(12.35 pm ) පාර්ලිමේන්තු මන්ත්‍රි රතන හිමි විසින් දියත්කරන්නට යෙදුන උපවාසයට සහය පළකරමින් මිගමුවේද බොදුනු කොඩි සහ කිතුණු කොඩි රැගත් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
එය පිටුපස සිටියේ කව්දැයි දැන් පැහැදිලිව හෙළිදරව් වෙමින් තිබේ. ඒ තවත් අර්බුද ගණනාවක්ද සමගිනි.
මිගමුව සෞඛ්‍ය කම්කරුවන් පිරිසක්ද පඩි සහිතවම එදා මේ විරෝධතාවයට එක්ව තිබුණ බව වාර්ථා වේ.
සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිවරයා යනු රිෂාඩ් බදුදින්ගේ පක්ෂය වෙනුවෙන් මිගමුවේදි ඡන්දය ඉල්ලා යන්තම් මන්ත්‍රි වු ඊසාක් යන අයෙකි. දැන් මේ විරෝධතාවය පැවැත්වෙන්නේ ඇමති රිෂාඩ් බදුර්දින්ද ඇතුළුව තවත් මුස්ලිම් නායකයන්ට එරෙහිවය.
මිගමුවේදි අන්ත පරාජයකට ලක්වු පොහොට්ටුව කොට්ටාශ 29 කින් ජයගගත්තේ කොට්ටාශ 7 ක් පමණි.එහෙත් මිගමුවේ සිය බලය තහවුරු කරගැනිම සදහා විවිධ වරදාන ලබාදෙමින් ස්වාධින කණ්ඩායම් වල මන්ත්‍රිවරුන් මෙන්ම මුස්ලිම් මන්ත්‍රිවරුන්වද හවුල් කරගෙන තිබුණි.
මොණරාගෙන් ඡන්දය ඉල්ලු රිෂාඩ් බදුර්දින්ගේ පක්ෂයේ ඊසාක් නැමැත්තා ඒ අනුව ලංසා පාලනය පිහිටුවන්නට එදා සහය දි තිබුණ අතර ඒ වෙනුවෙන් ලැබුන වරදාන අතර සෞඛ්‍ය කමිටුවේ සභාපතිධුරයද විය.
දැන් පොහොට්ටු නගරාධිපති දයාන් ලංසා රතන හිමිගේ සහයට රිෂාඩ්ට එරෙහිව පාරට ගෙන එන්නේ සෞඛ්‍ය කම්කරුවන්ය.
මේ නිසාම දැන් ලංසා පාලනයට මුක්කු ගැසු ඊසාක් මේ උද්ඝෝෂණයත් සමගින් බරපතල අර්බුදයකට ගොස් තිබේ.එකපැත්තකින්  ඉතා පැහැදිලිව මුස්ලිම්වරුන්ගේ විරෝධය  පොහොට්ටුව වෙත බරපතල ලෙසින් එල්ල වෙමින් තිබේ.එමෙන්ම ඊෂාක්ගේ ක්‍රියාකලාපයන්ට එරෙහිවද මුස්ලිම් වරුන්ගේ අප්‍රසාදය මේ වනවිට බරපතල ලෙසින් මතුවෙමින් තිබේ.
මේ අනුව ඊෂාක් මන්ත්‍රිවරයා දැන් සිටින්නේ බරපතල අවුලකය. ඒ තමන්ගේ නායකයාට එරෙහිව තමන්ගේ ම සෞඛ්‍ය කම්කරුවන් පාරට බැස්සවිමට පොහොට්ටු නගරාධිපති ක්‍රියාකර තිබිම නිසාය.මේ සම්බන්ධයෙන් දැන් ඊෂාක් මන්ත්‍රිවරයා පැහැදිලි තින්දුවක් ගතයුතුව තිබේ. ඒ තුල පමණක් ඔහුගේ අනාගත දේශපාලනය ගමන් මග තීන්දුවිමට නියමිතය.
මේ අතර ලංසා පවුල සිය සුපුරුදු දවල් මිගෙල් රැ දනියෙල් රංගනයක යෙදෙන අයුරු  ඉතා පැහැදිලිය.ආයුධ ලග. තබාගෙන සිටි බවට චෝදනා ලැබු නියෝජ්‍ය නගරාධිපති ෆරිස්ට ඇප ලබාදි නිදහස් කර ගැනිමට එදා පැහැදිලිව  කටයුතු කර තිබුනේ නිමල් ලංසාය.
මේ නිසාම කාර්දිනල් හිමියන්ගේ බරපතල චෝදනාවකට මෙන්ම අප්‍රසාදයකටද නිමල් ලංසා දැන් පත්ව තිබේ.තතු එසේව තිබියදි අනික් පසින් මුස්ලිම් දේශපාලන නායකයන්ට එරෙහිව සෞඛ්‍ය කම්කරුවෝ පාරට බස්සති.
දැන් මිගමු මහනගර සභාව තුල මතුවන්නට පටන් ගෙන ඇත්තේ බරපතල දේශපාලන අර්බුදයයි.. අවාසනාව වන්නේ එය නිසි ලෙසින් කළමණාකාරගෙන ඡන්ද වලින් ජයගත් මිගමුව යළිත් එජාප පාලනයකට නතු කරගැනිමට තරම් ශක්තිමත් නායකත්වයක් මේ වන විට එජාපයට මිගමුව තුල නොමැති විමය.