මෙරට ධීවර ක්ෂේත්‍රයේ ප්‍රගමනය සදහා බුද්ධි මණ්ඩල සංසදයක්

0
104

d3be09865e2f48acdec774b8cab00aae

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති  මහින්ද අමරවීර මහතා විසින් කල ඉල්ලීමකට අනුව ධීවර ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ‘බුද්ධි මණ්ඩල සංසදයක්’ (Think Tank Forum) ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. එහි ප්‍රථිඵලයක් වශයෙන් ආර්ථික විද්‍යාඥයින්, පරිසරවේදීන්, නීතිවේදීන්, නාවික ඉංජිනේරුවරුන්, නාවික හා ජලතරණ නිර්මාණ ශිල්පීන්, සමාජ විද්‍යාඥයින්, ධීවර හා සංචාරක කර්මාන්තයට අදාළ නියෝජිතයින් සහ ධීවරයින්ගෙන් සමන්විත බුද්ධි මණ්ඩල සංසදයක් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කෙරෙනු ඇත.

මෙරට ආර්ථික සංවර්ධනය ළඟා කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සතු සමුද්‍රීය සම්පත තිරසර අයුරින් භාවිත කිරීම හා කළමනාකරණය සදහා ප්‍රතිපත්ති සම්පාදනය, ධීවර හා සමුද්‍රීය සංචාරක ක්ෂේත්‍රය නව්‍යකරණය ඇතුළු අරමුණු  සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් සාමූහික තීරණ ගැනීම සදහා  ප්‍රවීණයින්ගේ අදහස්, යෝජනා, පර්යේෂණ දත්ත ආදිය සැලකිල්ලට ගෙන තීරණ ගැනීමට හැකිවන පරිදි මෙම බුද්ධි මණ්ඩල සංසදය ස්ථාපිත කිරීමට නියමිතය.