මෙහෙයුම අවසන් ?

0
82

 ( 2.45  pm )

හිටපු කොමසාරිස්වරිය නම් යකඩ ගැහැණියක්.

එහෙම කියනව ඇහුනේ කදිමට වැඩ නිම කෙරෙමින් තිබුන ඔරලෝසු කණුවේ වැඩ ටික හරියටම කෙරිලද කියල බලන්න එතුමිය අර බකට් එකකට නැගල කනුවේ උඩට යමින් හිටපු වෙලාවේ ..

උඩටම ගිය බකට් එ⁣කේ ඉදන් ඇය දේවමැණියන්⁣ගේ සුරුවමේ පාදමේ අඩුපාඩු තිබුන තැන්වලට තීන්තත් ගෑවා

දැන් මිගමුවට කදිම ඔරලෝසුවක් සහිත ඔරලෝසු කණුවක් තියෙනව.

පහුගිය 8වෙනිදා උදේ වරුවේ අලුත් කොමසාරිස්වරියක් මිගමුට ආවා.කේක් කිරිබත් කෑව.පවුලේ අය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එතුමියගේ යාලුවොත් ඇවිත් හිටිය.

හිටපු කොමසාරිස්වරිය 8 වෙනිදා මිගමුවේ ටවුමට වෙලා ඔරලෝසු කණුව ලග වැඩේ.

ගේම නම් ගේම.

පටන් ගත්ත.වැඩේ අතඇරියේ නෑ.

තව සති දෙකක් හිටියනම්  බිච් පාක් එකත් ටෙන්ඩර් කරල , මිලියන 5ක අත යට ගණුදෙනුවකට වහපු පාරත් ඇරල ,නගර සභාවේ ඉන්න දුෂිත.අයවත් මාරු කරල දාල ථෙතිහාසික වැඩ ට්කක් අනිවාර්යයෙන් කරනවා.

මේ සේරම අස්සේ තමයි කොමසාරිස් තුමියව මාරු කරන්නේ.කව්ද මේක ඇත්තටම කෙරුවේ.කාටද එහෙම ඕනකමක් තිබුනේ.

මේ කොමසාරිස්තුමිය මිගමුවට ආයෙත් ආවෙත් මාලිමාවේ ක්‍රියාකරින්ගේද ඇරයුමෙන්.ආපු වැඩේ එයා ලෙසටම  කරගෙන යමින් හිටියේ.එතකොට කව්ද මේ කකුල් මාට්ටුව දැම්මේ?කාටද මෙයාව යවාගන්න ඕන කම තිබුනේ.

මේක කොහොමටත් අනිවාර්යයෙන්ම හෙළිකරගන්න ඕන කියන උවමනාව මිගමුවේ මාලිමා ක්‍රියාකාරින් අතිබහුතරයකට තියෙනව.

ඇත්ත  එයාලට දැනගන්න ඕනා.එයාලට තිබුනේ දේශාපාලන උපාය මාර්ගයක්. ඒ උපායමාර්ගය තුල කොමසාරිස්තුමියගේ භූමිකාව තීරාණාත්මක සාධකයක්.

මේක අල කරපු කට්⁣ටියට එක්කෝ දේශපාලන උපක්‍රම තේරෙන්නේ නැ.නැත්නම් අලුතින් මිගමුවට ආපු කොමසාරිස්තුමියගේ පුද්ගලික උවමනා එපාකම් ලොකු කරගෙන තිබුන.

මේ තත්වය තුල මිගමුවේ ක්‍රියාකාරින්ට ඇතිවෙලා තිබුන කළකිරිම සාධාරණයි.

මාලිමාව කියන්නෙත් ගේම් වලින් පිරුණු එකක්ද?

.පාර්ලිමේන්තුවට යවන්න වගේම සමහර අයව  එලියේ තියන්නත් මාලිමාවේ අය ගේම් ප්ලේ කරා කියල දැනටමත් ප්‍රසිද්ධ චෝදනාවක් තියෙනවා වගේ..

මේක තමයි යථාර්ථය .

අලුතින් ආපු කොමාසාරිස්තුමිය තදින් ඉදල පරණ කොමසාරිස්වරිය පටන් ගත්තු විදියට ඉස්සරහට නොගියොත් සටකපට ලංසා පවුල ආයේ ගේමක් ගහල ඔලුව උස්සගන්න  ප්ලැන් කරන්නත් ඉඩ තියෙනව..

කොමසාරිස්වරිය  මාරු කරපු එක බැක් ෆයර් වෙලා ලංසාල ඔලුව උස්සල වැඩේ දෙල්වෙන තැනට කටයුතු යෙදුනොත් කව්ද ඒකට වගකියන්න ඕනා..???

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here