මේ වැවක් නම් නොවේ – මීගමුව නගරයේ හදවතයි

0
198

DSC_0083new
වැසි කාලයට වැවැක් ලෙස දිස්වෙන තැනක් මිගමුව නගරයේ ඇති බව ඔබ දන්නවාද?
ඔරලෝසු කණුව අසල පෙට්ට්‍රල් ෂෙඩ් මැදින් පිහිටා ඇති මෙම ස්ථානය නගරය තුළ ගැවසෙන විශාල ජනතාවක් පසුකර යයි. විදේශීකයන් ද මීට අයත්වේ. මෙවැනි තත්ත්වයක් තුළ නගරයේ හදවත බදු මෙහි කුණු කාණු වලින් ගලා එන අපවිත්‍ර ජලය  මෙහි රදන්නේ නම් කාගේ වරදක් ද?
ව්‍යාපාරික නගරයක් ලෙස මෙසේ සිදුවන්නේ නම් සියලු පුරවැසියන් ලජ්ජාවට පත්විය යුතු කරුණක් නොවන්නේ ද?
මැතිවරණ කාලයේදී මැතිවරණයක් සදහා ලහි ලහියේ සූදානම් වන දේශපාලනයේ නියැලෙන මහත්වරුනි! ඇස් අන්ධ නොවේ නම් ඔබ මෙම ස්ථානය මගහැර යා නොහැකත මෙම ස්ථානය හතරමංහන්දියක් බැවින් කුමන පැත්තෙන් ආවත් මේ ජලය පාගමින් යා යුතුව ඇත.
අපි මේ භුක්ති විදින්නේ පසුගිය පාලනයේ අක්‍රමවත් නගර සංවර්ධනයේ ප්‍රතිඵළයි. තවදුරටත් මේ තත්ත්වය මෙලෙසම තබා ගනිමින් නගරයේ අවලස්සන ප්‍රදර්ශනය කරමුදැයි අපි ප්‍රශ්න කරමු.

????????????????????????????????????

????????????????????????????????????

ඡායාරූප – සැම්සන් ඥානසිරි