මේ අනාරක්ෂිත කාණු ආවරණ අනුමත කළේ කව්ද ?

0
37

කටුනායක ගමමැද පාරේ මේ දිනවල කාණු පද්ධතියක් සැකසෙමින් තිබේ.ගෙවල් රැසක් ඇති අතුරුපාරක් හරහා රදවන්නට යන කාණු ආවරණය අන්තිම ආනාරක්ෂිත එකක් බව පෙන්වා දි තිබුනේ එය අද සවිකිරිමට අදාල කම්කරුවන් කටයුතු කරමින් අදාල ගම්වාසින් විසිනි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි අදාල අනාරක්ෂිත අවාරණය සැලසුම්කරන ලද තාක්ෂණ නිළධාරින් පවසා සිටියේ එය තමන් අතින් සිදුව ඇති වරදක් බව පිළිගන්නා බවය.
අද ලංකාවේ සිදුවන බොහොමයක් ඛේදවාචකයන් වෙනුවෙන් නිති රෙගුලාසි සැකසෙනුයේ කව්රුන් හෝ ඊට ජිවිතයකින් වන්දි ගෙවිමෙන් අනතුරුවය.
හතුපිපෙන්නාක් මෙන් තැන තැන ඇති රූපලාවන්‍යගාර සම්බන්ධයෙන් නීති හදන්නට යැයි කියන්නේ ඒ වෙනුවෙන් ජිවිතයක් අහිමිවිමෙන් පසුවය.
මේවායේ ආරක්ෂිතභාවයන් ගැන අවසන් තින්දු දෙන්නේ කව්ද ?ඒවා සකසන තාක්ෂණ නිළධාරින්ද ? නැතිනම් ඒ කටයුතු සිදුකරන කොන්ත්‍රාත්කරුවන්ද? එසේත් නැතිනම් එය භාවිතයට ගන්නා ගම්වැසියන්ද ?kanu issue 1issu 2