මේ කහ ඉර මාරාන්තිකයි. ප්‍රවේශමෙන් මාරුවෙන්න.!

0
487

IMG-20200104-WA0003

මීගමුව හලාවත පාරේ , දළුපත දේවස්ථානය අසල ඇති මංසන්ධිය මරණ බිය දනවන ස්ථානයක් බවට පත්වී ඇත . ඊයේ ( 3දා) මෙම කහඉර අවසන් වන ස්ථානයේදීම දළුපත තරුණයෙකු කන්ටේනරයක දැවටී ටික දුරක් ඇදගෙන යාමෙන් බරපතල ලෙස තුවාල සිදුව ඇති අතර මේවනවිට ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි . මීට පෙර අවස්ථා කිහිපයකදී කාන්තාවන් දෙදෙනකු , පිරිමින් දෙදෙනකු මරණයට පත්වූයේද මෙම කහ ඉර මතින් ගමන් කිරීමට යාම නිසාය. මෙහි පිට ප්‍රදේශවල සිට පැමිණි දෙදෙනකුද මරණයට පත්ව ඇති බවත් , තුවාල ලැබූ පිරිස නම් විශාල පිරිසක් බවත් මෙම ස්ථානයේ කඩ හිමියෙකු අප සමඟ පැවසීය . කොළඹ සිට හලාවත දක්වාත් , හලාවත සිට කොළඹ දක්වාත් ඉතා වේගයෙන් යන වාහන මෙම මරණ බිය ජන මනස තුළ ජනිත කරවීමට හේතුවක් වී ඇත .
මෙම ස්ථානයේ පවතින තත්වය පිළිබඳව සුපර්සෝනික් පදනමේ අනුර මහතා , මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු ඉෂාරා මහත්මියට දුරකතනයෙන් දැනුම් දුන් අතර ඇය ප්‍රකාශකළේ ප්‍රදේශවාසීන් ලෙස මෙම තත්වය ගැන සඳහන් කරමින් ඇය වෙත ලිපියක් යොමු කරන ලෙසයි. එවිට මේ ගැන ප්‍රධාන කාර්‍යාලය වෙත දැනුවත් කර යම් විසඳුමක් ලබාගත හැකිබව ඇය තවදුරටත් පැහැදිලි කරන ලදී . මේ අනුව ඉදිරියේදී අදාල වගකිවයුත්තන් මැදිහත් වී මෙම ප්‍රශ්ණය විසඳනු ඇතැයි අප විශ්වාස කරමු.IMG-20200104-WA0002
මේ වැලි දමා වසා ඇත්තේ ඊයේ කන්ටේනරයක ගැටී තුවාල ලැබූ තරුණයා ලේ ගලමින් වැටී සිටි ස්ථානයයි. ඔහු කහ ඉරේ සිට මේ ස්ථානයට ඇදගෙන පැමිණි පාරද සලකුණු වී ඇත.