මේ කුණු කානුව අනතුරු දායකයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න

0
545

IMG-20190723-WA0005IMG-20190723-WA0004
මීගමුවේ ලංකා පාමසිය ඉදිරිපිට පාරේ ඊට විරුද්ධ පැත්තේ කුඩා කඩල කඩයකි. එම කඩල කඩය අයිනේ ලයිට් කනුවකි. එය මැදිකරගෙන ඇත්තේ කුණු කානුවකි. මෙම කුණු කාණුව කලක් තිස්සේ මහජනතාවට ඉමහත් කරදර ගෙනදෙන අනතුරු දායක ස්ථානයකි. මේ ගැන අවට සිටින ව්‍යාපාරිකයන් ගෙන් විමසූ විට ඔවුන් ප්‍රකාශකළේ මීගමුව නගර සභාවට මේ ගැන පැමිණිලි කළ නමුත් කිසිදු ප්‍රතිචාරයක් නැති බවයි.
මෙහි මසකට වාහන තුන හතරක් මෙම කාණුවේ වැටී අනතුරට ලක්වන ස බවත්, පාරේ ගමන් කරන මගීන්ද මේනිසා තුවාල ලබන බවත් ව්‍යාපාරික මහතුන් අප සමඟ පැවසීය.කානුවේ ඇති ජරාව අතර වීදුරු කැබලි සහ යකඩ කැබලි ද තිබෙන හෙයින් මෙහි අනතුරු දායක තත්වය තවත් වැඩිවන බව ඔවුන් පවසයි .
මෙකී තත්වය කාලයක් තිස්සේ පැවතීම මහ නගරසභාවක් ලෙස කණගාටුවට සහ ලජ්ජාවට කාරණයකි. අප මීට පෙර මෙහි ඇති අනතුරු දායක තත්වය ගැන සඳහන් කර ලිපි කිහිපයක් අපගේ වෙබ් අඩවියේද පළ කර ඇත. නමුත් නගරාධිපතිවරයාගේ එකදිනකට එක වැඩක් සංකල්පයට
හෝ මෙම ස්ථානය මුණගැසී නැත. ඒනිසා අප නැවත වරක් නිදාගෙන සිටින මහ නගරසභාවේ අදාල අයට මෙම ප්‍රශ්ණය ගැන මතක්කර සිටිමු.