මේ ගස හැර පෙරෙලෙන්නට නියමිත තවත් ගස් මීගමුවේ තිබේද ?

0
449
අලුත් පාරේ කඩන් වැටුන ගස
අලුත් පාරේ කඩන් වැටුන ගස
අලුත් පාරේ කඩන් වැටුන ගස

dav

පසුගිය දිනවල ඇදහැලුන වර්ෂාව සහ සුළං තත්වය හේතුවෙන් මීගමුව අලුත් පාරේ (අගරදගුර නික්ලස් මාවත) මාර ගසක් කඩා වැටි තිබුණි.
මේ සම්බන්ධයෙන් මිපුර වෙබ් අඩවිය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට දැන්විමෙන් අනතුරුව එහි පැමිණි අදාල නිළධාරින් එහි කොටස් ඉවත් කිරිමට පියවර ගෙන තිබුණි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුතුමිය කියා සිටියේ මීගමුවේ ඉවත් කළ යුතු තවත් ගස් ඇති බවත් ඒවා ඉවත් කිරිම සදහා අදාල බලධාරින්ට දැනටමත් දන්වා ඇති බවත් අලථු පාරේ මේ ඇදවැටුන ගස එසේ වැටෙතැයි නොසිතු එකක් බවද කියා සිටියේය.
මේ අතර මිපුර වෙබ අඩවිය විසින් ශා.ජෝශප් විදියේ පිහිටි අනතුරුදායක මාරගසක් ගැන පුවතක් පළකර තිබුන අතර ඒ ගැනද මාර්ග සංවර්ධන අධිකාරිය අවධානය යොමුකර ඇතැයිද ඇය .තවදුරටත් කියා සිටියේය.

sdr
ශා.ජෝශප්විදියේ මාර ගසේ දිරච්ච අත්ත

Save

Save

Save

Save