මේ ගොඩනැගිල්ලට අවසරය ලබාදුන් බලධාරීන් කව්ද?

0
251

 

IMG-20201123-WA0022IMG-20201123-WA0021 ( ( 9.45 am ) මීගමුව, බස් ඩිපෝවට යන පාර හැඳින්වෙන්නේ ලාසරස් පාර යනුවෙනි. මෙම පාරට හැරී මීටර්10 ක් පමණ දුරින් දකුණු පැත්තේ කඩිනමින් හැදෙන තෙමහල් ගොඩ නැගිල්ලකි. මීට දින කිහිපයකට පෙර මෙම ලාසරස් පාරෙහිම ලහි ලහියේ හැදෙන අනවසර ගොඩනැගිල්ලක් ගැන අපගේ වෙබ් අඩවියේ සඳහන් කළෙමු. හතු පිපෙන්නාක් මෙන් දවසින් දෙකෙන් පොළොවෙන් මතුවන මෙම ගොඩනැගිළි ඉතා කෙටි කාලයක් තුළ අවසන් කරයි. සාමාන්‍යයෙන් දුප්පත් වැසියෙකුට කුඩා නිවසක් තනා ගැනීමට වුවද තම ජීවිත කාලයම කැප කිරීමට සිදුවේ. එසේ තිබියදී අතදිගහැර මුදල් වැය කළහැකි අයට ඕනෑම ගොඩනැගිල්ලක් බාධාවකින් තොරව ඉතා කෙටි කාලයක් තුළ ගොඩනගා ගත හැකිය. ඉතිහාසය පුරාම මීගමු නගරයේ දේශපාලකයින් සහ නිලධාරීන් මේවා සඳහා මැදිහත්වූ අාකාරය ගැන ජනතාව හොඳින් හඳුනාගෙන අැත.

ඉහත සඳහන් කළ ගොඩනැගිල්ල පිළිබඳව අපට ආරංචිය ලබාදුන්නේ මෙහි අවට සිටින නිවෙස් හිමියෙකි. ඔහු මේ ගැන පිළිකුළෙන් කතාකළ නමුත් වෙනත් විස්තර ලබාදීමට බියක් දැක්වීය. මේ අනුව පැහැදිළි වන්නේ මේ නගරයේ සිදුවන ඕනෑම අකටයුත්තක් සඳහා ජනතාවගේ නිහඬ බව සහ බිය , තමන්ගේ මෙවැනි පටු අවශ්‍යතාවයන් සඳහා දඩමීමා කරගන්නා බවයි. එබැවින් ධනය ඇති අයට මෙවැනි අනවසර ගොඩනැගිල්ලක් සඳහා අවසර ලබාගැනීම අසීරු කරුණක් නොවේ. නමුත් මෙවැනි දෙයක් සඳහා පවතින නෛතික කරුණු ඔවුන් නිසියාකාරව , අකුරටම පිළිපදින්නේ දුප්පත් අසරණයකුගේ නිවසක් ඉදිකිරීමට කරන නඉල්ලීමකදී පමණි. කෙසේ නමුත් යම් දිනෙක මහා පරිමාණයෙන් ඉදිවන මෙවැනි ගොඩ නැගිලි පිළිබඳව ජනතාව ප්‍රශ්ණ කරනු ඇති අතර ඒවාට පිළිතුරු දීමට බලධාරීන්ට බල කෙරෙනු ඇත.