“මනීෂා චාමින්දි පතිරණ” පෙර කළ පාප කර්මයක් මේ දිවියෙහි ගෙවා දැම්මත් මේ ජීවිතයේ අප්‍රමාණ පින් එකතු කළ දුවෙක්.. එයා ගැන දන්නා අයටත් දැන් ඒ ගැන අමතක වෙලා ඇති..නමුත් එයා මගේ හිතේ හැමදාම ඉන්නෙ මට මගේ බිරිඳ හොයලා දුන්නේ එයා නිසා..එයාගේ මව ටිකකට කළින් ගත් ඇමතුමක් නිසා මට එයා ගැන මෙහෙම ලියන්න හිතුණා..මනීෂා ඉගෙනීමට දක්ෂ අහිංසක නිහතමානි දරුවෙක්.. අවුරුදු දහයක් වුණ ගමන් සුෂුම්නාවේ ඇති වූ පිළිකාවක් නිසා ඇයට ජීවිත කාලෙම රෝද පුටුවක ඉන්න වුණා..ලක්බිම පත්තරෙන් කළ හෙළිදරව්වකින් පස්සෙ මුහුණුපොතේ සහෘදයෝ කිහිපදෙනෙක් එකතු වෙලා මනීෂා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කළා..මමත් අහම්බෙන් ඒ පිරිසට එකතු වෙලා මනීෂාගේ සුව දුක් විමසමින් ඇය හා ඇගේ අම්මා හා කල් ගත කළේ ඔවුන්ට කාත් කවුරුවත් තමන්ගේ කියලා කෙනෙක් කොළඹ හිටියෙ නැති නිසා..අවසානයේ ඉහත කී පිරිස කළ මහා පරිශ්‍රමයකින් පස්සේ ඇය මෙලොවින් සමු ගත්තේ පිළිකාව ඔඩු දුවල තිබුණු නිසා..ඒ වෙනකොට අර සහෘදයින් ලක්ෂ ගණනක් ඇය වෙනුවෙන් උපයලා තිබුණා මුහුණු පොත හරහා..ඇගේ අසනීපය නිසා තාත්තත් හෘදයාබාධයකින් නැති වුණේ ඒ කාලෙමයි..කොහොම හරි ඇගේ සමුගැනීමෙන් පස්සේ මුළු මුදලම තනිවුණු ඇගේ අම්මා සහ මල්ලී වෙනුවෙන් වියදම් කරන්නට ඒ පිරිස තීරණය කිරීමෙන් පසු ඔවුන්ට නිවසක් හා අත්‍යවශ්‍ය සේවාවන් ලැබුණා..ඇය තමන්ගේ තනිවුණු අම්මා සහ මල්ලී වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරලයි ගියේ..ඒ විතරක් නෙවෙයි මගේ ජීවිතේ ගොඩ නගා ගන්න පදනම සකස් කරලා තමයි එයා ගියේ..මට මගේ බිරිඳ මුණ ගැහෙන්නේ ඇය නිසා..ඇය ගැන විමසලා ඇති වුණු කතා බහ දුර දිග ගිහින් අද අපි දරුවන් දෙදෙනෙකුගේ දෙමව්පියෝ වෙලා.. මට මතකයි ඒ කාලේ දවසක අපි දෙන්නා රෝහලට ගියාම මනීෂා කිව්වා ළපළු මාමේ දැන්නම් මට මොකක් හරි ලොකු වෙනසක් තෙරෙනවා මම කිව්වොත් ඒක වෙනවාම තමයි කියලා..එතකොට සුරම්මි මගේ යෙහෙළියක් විතරයි..මනීෂා කිව් දේ අද සැබෑ වෙලා.. මනීෂා අපෙන් සමුගෙන ගතවෙන හතරවෙනි වර්ෂය මේ මැයි මාසේ දිනකටයි යෙදෙන්නෙ..මට මතක හැටියට විසි ගණන් වල..කොහොම වුණත් මනීෂා ලොකුම දේ කරල ගියේ මගේ අනාගතේ වෙනුවෙනුයි..ඒ නිසා මට මෙසේ සටහනක් තියන්නම වෙනවා ඒ ගැන..ඔයාට අමා මහ නිවන් සුව ඉක්මණින්ම අවබෝධ වේවා දුවේ..
උපුටාගැනීම – Face book අඩවියෙන්