මේ මරණයට වගකිව යුත්තේ කව්ද.??

0
575

Negombo-News වෙන්නප්පුව ශු.පවුලේ බාලිකා විදුහලේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු මල්මි රවිනා..දැරිය පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ මියගොස් තිබුනේ ෙංඩගු උණ රෝගයට ගොදුරුවිමෙනි.උණ තත්වය උත්සන්න වීමෙන් පසුු මීගුමව රෝහලට ඇතුළත් කර තිබුන අතර පසුව කොළඹට මාරු කර යවා තිබුණි.

පසුගිය මාස 9 ක් තුල වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශය තුල සිදුව ඇති 6 වන ඩෙංගු මරණය වන්නේ මෙයයි.

වෙන්නප්පුව යනු ආර්ථික අතින් වේගයන් ඉහල ගොස් සිටින පවුල් බහුතරයකින් හෙබි මේ කලාපයේ ධනවත්ම නගරයයි. වෙන්නප්පුව වටේ අතුරු පාරවල් ඔස්සේ පවා ගියහොත් දකින්නට ලැෙබන්නේ සුවිසල් මන්දිර වැනි ගෙවල්ය.

විශේ්ෂයෙන්ම දෙසැම්බර් මසයේ වෙන්නප්පුව නගරයේ සැරිසරින ඉතාලියේ සිට නිවාඩුවට පැමිණ අයගේ විලාසිතා මෙන්ම ක්‍රය ශක්තියද කියා පාන්නේ සුපිරි නගරයක අසිරියයි.

තමන්ගේ පවුලත් ඥාාති පරපුරත් ගොඩදැමිම වෙනුවෙන් මිනිස් ජිවිතයේ බොහෝ දැ කැප කර ුඇති මේ බහුතරයක් දෙනා වෙන්නප්පුවේ දියුණුව හෝ මිනිස් වාසයට එය උචිත ලෙසින් සකස් කිරිම වෙනුවෙන් අබමල් රේණුවක දායකත්වයක් සපයන්නේ නැත. ඔවුන්ට  ඒවා වගක් නැත. දේශපාලකයන් සිතූ සේ පිස්සු කෙලිද්දි ඔවුන් ඒ සියල්ල අන්තර් ජාලයෙන් රසවින්දා පමණි.
මේ සියළු ආතල් කඩා දමන්නට දැන් පුංචි ඩෙංගු මදුරුවෙකුට හැකිව තිබේ.

(මල්මි රවිනා දියණියගේ මරණය කන වැකුණ ඉතාලියේ වෙරොනා නගරයේ පදිංචි වෙන්නප්පුවේ පවුලක් සිය මහළු දෙමව්පියන්ට දන්වා තිබුනේ බාලිකාවට යන සිය දරුවන්ටව පරිස්සම් කරගන්නා ලෙසය)

මේ සියල්ල අස්සේ දැන් වෙන්නප්පුව මරණයේ අවධානමට පැමිණෙමින් තිබේ.  ඉතාලියේ රැකියා කරන බහුතරයකගේ දරුවන් සහ පවුලේ ලගම ඥාතින් කරාද මේ අවධානම පැමිණ හමාරය.

ඩෙංගු මදුරුවා පාරවල් ගානේ ගොස් ගම සලිතකරවන්නට පටන්ගෙනය.

ආසියාවේම විශාලතම ජනපදයක් සේ සැලකෙන සිරිගම්පල කොලණියෙන් ඇරඹි මේ වසංගත තත්ත්වය පසුව නයිනමඩම, මාටින්ද  ෙෆා්රස් මාවත ඔස්සේ පසුගිය කාලයේ  වර්ධනය වූයේ  තිබුනේ කොස්ගස් හංදිය දෙසටය.

දැන් නගරයේ හරිමැද හදවතට සමිපයේ  ඇති ශා. සේවියර් මාවතේ සුරතල් දියණියකද බිලිගෙන තිබේ.

තමන්ගේ පවුල් පමණක් ගොඩගන්නට දගලන සමස්ථ සමාජය හමුවේ දැන් අභියෝගයක තබා හමාරය.

ජනගහනය 80000 කට සිටින්නේ PHI මහත්වරුන්  3 න් දෙනෙකි. එනම් එක් අයකුට බලන්නට වන පිරිස දල වශයෙන් 26600කි. දැන් පවතින මේ අවධානම් තත්වය කළමනාකරණය කරගන්නට මේ තිදෙනා සමත්ද..?

ඩෙංගු වසංගත තත්වයනේ වෙන්නප්පුව බේරාගැනිමට සැලසුම්ගත ඒකාබද්ධ සැලසුම්ක් ඉක්මනින් ක්‍රියාත්මක කරන්ෙන් කවදාද ?  මේ එකාබද්ධ සැලසුම් යනු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පවත්වනු ලබන රැස්විම් හෝ බැනර් ගැසිම් නොවන බවද තේරැම්ගත යුතුව තිබේ.

වැදි ජනයාගේ රැඟුම් පෙන්නා සල්ලි හොයන්නට මෑතකදි මහන්සි වු වෙන්නප්පුවේ වෙළද ප්‍රජාවටද මේ අභියෝගය දැන් පැවරි ඇත.  එමෙන්ම පැවිදි පුජක තුමන්ලාටද විශාල වගකිමක් මේ අරභයා පවති.

ක්‍රියාත්මක එකාබද්ධ වැඩපිළිවෙලක් ඉක්මන් කරගැනිමට තවත් මල්මි රවිනා දුවලා  කි දෙනෙක් බිලි දිය යුතුදැයි අද අපට අසන්නට සිදුව තිබේ.??