මේජර් රාජ් ක්‍රීඩාංගනයේ තවත් අනවසර ඉදිකිරීමක් ?

0
62

අද පෙරවරුවේදී මේජර් රාජ් ක්‍රීඩාංගනයට අයත්‍ වෙන්කළ බිම් තීරුවක අනවසර ඉදිකිරීමක්  කිසියම් පුද්ගලයන් පිරිසක් විසින් සිදුකර ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් මීගමුව පොලීසිය මැදිහත්වී යම් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද වාර්තාවේ.

මෙවැනි අනවසර ඉදිකිරීමක් සදහා අද (දෙසැමබර් 26) වැනි දිනයක් යොදාගෙන ඇත්තේ රාජ්‍ය නිලධාරීන් නිවාඩු දිනයක් නිසා විය හැකි අතර මෙය සැලසුම් සහගතව සිදුකළ අනවසර ඉදිකිරීමක්  විය හැක. කෙසේ වුවුත් මෙම ස්තානයෙහි  මේ වන විට අනවසර නිවාස දෙකක් ද ඉදිකර තිබේ.