මේව මඩද ? නිමල් ලංසා කරපු දේවල් හෙළිකරද්දි ඒව මඩලු ? රොයිස් විජිත කියයි !(විඩියෝ)

0
101

Screenshot from 2018-02-01 17-38-46ඊයේ එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් විසුරුවා හරින ලද ප්‍රවෘත්තියක් පාදක කරගෙන මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත විසින් අද මාධ්‍ය හමුුවක් කැදවා තිබුණි.
ඒහිදි ඔහු කියා සිටියේ කව්රුන් හෝ නිමල් ලංසාට එරෙහිව බෙදාහැර ඇතැයි කියන පත්‍රිකාවක් මඩ පත්‍රිකාවක් ලෙස හදුන්වා එය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතත් ඒ ගැන විසුරුවා හරින ලද ප්‍රවෘත්තියේදි එකි පත්‍රිකාවේ තිබු තමාගේ සහ අගමැතිතුමාලේද රුව ඇතුලත් මුල්පිටුව පමණක් පෙන්වු බවත් එහි පසුපිටේ වු නිමල් ලංසා විසින් ඇත්තට සිදුකර ඇති වැරදි ක්‍රියා ගැන සදහන් සිදුව තිබුනේ නැති බවත්ය.
එබැවින් අදාල ප්‍රවෘත්ති සාකච්ජාවේදි ඔහු විසින් පසුපිටේ වු සිදුවිම් එකින් එක ගෙන විස්තර කරන්නට යෙදුණි.
1.රාජපක්ෂ මුදලිදු විසින් මිගමුවේ ජනයාට දායද කළ රාජපක්ෂ උද්‍යානය එහි වු ගිවිසුම් සියල්ල උල්ලංඝණය කරමින් එහි නම පවා වෙනස් කරමින් තිම් පාක් එන්ටර්ටෙන්මන්ට් ලෙසින් සිදුකර ඇති මහා මංකොල්ලය
2. විසින් කාන්තාවකට ඇසිට් ගැසිම සිදුවිම
3.මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ මහනගර සභා භුමිය තුලදි ප්‍රහාරයක් එල්ල කිරිම
4.වඩාත් කුප්‍රකට කරුණ වු මහින්ද රාජපක්ෂ විශේෂ හෙලිකොප්ටරයකින් පැමිණ නිමල් ලංසාව බදාගෙන සැනසවිම පිළිබදව වු ඡායාරුපය එහි පසුපිටේ සදහන් වු බව කියා සිටියේය.
මේ එකදු සිදුවිමක් මඩ නොවන බව අවධාරණය කර සිටි රොයිස් විජිත ඒ පත්‍රිකාව පෙරළවමින් එහි වු තවත් තොරුතුරු රාශියක් මාධ්‍යවේදින්ගේ අවධානයට යොමුකරන ලදි..
මේවා සත්‍ය කරුණු සියල්ල මීගමුව පොලිසියට මඩවුයේ කෙසේදැයි තමා පුදුම වන බවද කියා සිටියේය.