මෛත්‍රිගේ තින්දුවට පිටුපා කෙහෙල් ඇවරි මන්ත්‍රි බිච් පාක් ටෙන්ඩරයට උදව් කරලා !

0
53

dav

(10.30 pm ) කෙහෙල් ඇවරිය නියෝජනය කරමින් මීගමුව මහනගර සභාවේ පොහොට්ටු පාලනයේ සිටින ප්‍රෙඩ් ඩෙක්ස්ටර් යනු ඡන්ද 19 කට පමණක් හිමිකම් කියමින් ජනතාව නියෝජන කරන්නට යැයි කියා නිමල් ලංසාගේ කප්පම් මන්ත්‍රි පාලනයට එකතු වි සිටින අයෙකි.
ජනතාවට වගකිනොකියන මන්ත්‍රිවරයා යනු කප්පමට පමණක් වගකියන්නෙකු යැයි මිගමුවට යළිත් වරක් ඔප්පු කරමින් සිය පක්ෂයේ නායකයාගේද නියෝග නොතකා බිච් පාක් එක ටෙන්ඩර් නොකර යළිත් ලංසාගේ පවුලට ලබාදිමට මුල්වු මන්ත්‍රිවරයා වන්නේ ඔහුය.
කෙහෙල් ඇවරියේ නායකයා වන මෛත්‍රි ගුණරත්න විසින් ඩෙක්ස්ටර් වෙත දි තිබුණ තින්දුව වුයේ මොනයම් හෝ අයුරකින් ටෙන්ඩර්මය නොවන කිසිදු ක්‍රියාමාර්ගයකට සහය පළ නොකරන ලෙසය.
එමෙන්ම පවතින තත්වය හමුවේ බිච් පාක් ටෙන්ඩර ඡන්දය පවතින දිනයේ එයට සහභාගි නොවන ලෙසද දන්වා තිබුණි.
මේ සියල්ල පැහැදිලි නියෝග ලෙසින් සිය පක්ෂ නායකයාගෙන් ලැබි තිබුණද ඩෙක්ස්ටර් මන්ත්‍රිවරයාගේ ඇත්ත නායකයා වන නිමල් ලංසා මේ මන්ත්‍රිවරයාට කොන්ත්‍රාත්තුවක් පැවරුවේය.
එනම් එදින රැස්විමට කෙසේ හෝ පැමිණෙන ලෙසත් පැමිණ මුදල් කාරක සභාවේ අදාල අයිතමය මුලටම ගෙන වසර 5 කට බදුදිමට තම පක්ෂය එකග නැති බවත් වසරකට පමණක් බදුදිමට එකග බව කියා සිටින ලෙසත්ය.
මේ කප්පම් කොන්ත්‍රාත්තුව අකුරටම ඉටුකරමින් ඔහු එදා ක්‍රියාත්මකව තිබුණි.
සර් මම පක්ෂය තිරක බලය යොදා අවුරුදු 5කට බදුදෙන්න සුදානම් කරල තිබුන බිච් පාක් යෝජනාව නැවැත්තුවා යැයි පම්පෝරි පණිවිඩයක් වට්ස් ඇප් මගින් සිය නායකයා වෙත දන්වා තිබුණි.
මෙයට ප්‍රතිචාර දක්වමින් පක්ෂයේ නායකයා ඩෙක්ස්ටර් මන්ත්‍රිවරයා කර ඇත්තේ පක්ෂයේ තින්දුවට එරෙහිව ඩෙක්ස්ටර් කටයුතු කිරිමක් බවය.
මේ නිසාම දැන් ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් ද පැවැත්විමට නියමිතය.
මේ සියළු කරුණු හෙළිදරව් වුයේ  ජාතික එක්සත් පෙරමුණේ මිගමුව ආසන සංවිධායක කපිල නන්දසුලෝචන විසින් පවත්වන්නට යෙදුන මාධ්‍ය හමුකදිය.,