මෛත්‍රිට ගෑවුණු ෆරිස් ලංකරගෙන ලංසාට දේශපාලනය කරන්නට විම යනු දෛවයේ සරදමකි.!

0
101

FB_IMG_1583641927323ලංසා දේශපාලනික වශයෙන් අවලංගු වෙමින් තිබෙන අයුරු දිනපතා දැන් පැහැදිලිව පෙන්නුම් කෙරෙමින් තිබේ.දැන් ඔහුට දේශාපලනය කරන්නට සිදුව ඇත්තේ ඔහු විසින්ම වරක් කොන්කර තිබුණ අයත් සමගින් වීමම දෛවයේ සරදමකි.
පසුගිය කාලය තුල නිමල් ලංසා සුළු ජාතික කොටස් වලට පැහැදිලිව එරෙහිව කටයුතු කළා  මිස කිසිදිනක ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියට පැමිණ කටයුතු කළ අයෙකු නොවේ.විශේෂයෙන්ම මුස්ලිම් ජනයාට එරෙහිම මුදාහැරුන ප්‍රහාරයන් පිටුපස ලංසාට සම්බන්ධ අය සිටි බවට ඕනෑතරම් සාක්ෂි විය.එපමණක් නොව ඒ ප්‍රහාරයන් නිසා අසරණ වු මුස්ලිම් ජනයා බැහැදැකිමට පසුගිය වසරේ නිමල් ලංසා නිකමටවත් ගොස් තිබුනේ නැත.
මේ නිසාම මිගමුවේදි කිසිදු සුලු ජාතිකයෙකු නිමල් ලංසාට හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුටවත් ඡන්දයක් දුන්නේ නැත.
එය ලංසා පවුලම ඉතා හොදින් දනි.
තතු එසේව තිබියදි ලංසාට දැන් කැමති වුවද අකමැති වුවද දේශපාලනය කරන්නට සිදුව ඇත්තේ ඔවුන් සමගින්ය.
ගම්පහදි මෛත්‍රිට ගෑවුණු කිසිම අයෙකුට මනාපයක් නොදිය යුතු යැයි පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයාම ප්‍රසිද්ධියේ කිමෙන් පසු ලංසාගේ දේශපාලන ඉරණම දැන්මම තිරණය වි ඇති සෙයකි.
තතු එසේ වුවද නිමල් ලංසා මෛත්‍රිගේ මිගමු ගෝලයා වන ෆරිස්ගේ කරේ අත දාගෙන දැන් මුස්ලිම් සමාජය තුල මනාප හිඟමනේ යමින් සිටි.
ප්‍රසන්නගේ කථාවෙන් පසුත් ලංසාට ගම්පහ වෙන යන්නට තැනැක් නැති නිසා මෛත්‍රිට ගෑවුණ අය අතරේ අද ඡන්දය කිරිමට තරම් අසරණ බවකට පත්ව තිබිම යනු අද ලංසා මුහුණ දෙන දේශපාලන යථාර්ථයයි.
එහෙත් සැබෑම කථාව වන්නේ මේ මුස්ලිම් සමාජයේ බහුතරයක් ලංසාට ඡන්දය නොදිමද තවත් යථාර්ථයක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here