මෛත්‍රී වැඩ අරඹයි, මහින්දට පල නොකිය පලා බෙදයි !

0
66

MR My 3රාජපක්ෂ ආණ්ඩු සමයේදී වංචා දූෂණ, අක්‍රමිකතා හා අයථා ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින හිටපු මැති ඇමතිවරුන් 08 දෙනෙකුට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබා නොදෙන ලෙස එහි නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධාන නාමයෝජනා මණ්ඩලයට උපදෙස් දී තිබේ.

මෙසේ නම්කර ඇති අය අටදෙනා අතරින් හත් දෙනෙකුම දැඩි මහින්දවාදින් බව පැවසේ.

මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නායෝජනා ඉවත්කර ගන්නා ආකාරයට වැඩ සිද්ධකරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම හිතවත් මැති ඇමතිවරුන්ට පසුගිය දිනවල පවසා තිබූ බවද මේ අතර වාර්තා වේ.

මේ අතර,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා සැකසීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්‍ෂපාතීව ඔහු වෙනුවෙන් පෙනී සිටි පිරිස් කපා දමමින් , මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හිතවත් පිරිස්ගෙන් ඒවා පුරවමින් සිටින්නේ යයි බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කර තිබිණි.

එසේම යම් හෙයකින් සන්ධානයෙන් තරගවැදීමට ගැටලු මතුවුවහොත් මහින්දවාදීන් මල් පොහොට්ටුව ලකුණ දරණ ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුනෙන්’ මහ මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බවද වාර්තා වේ.

Home

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here