මෝචරි අඩුපාඩු, වැසිකිලි උතුරන, මීගමුව රෝහල ජනපතිට පෙන්නමු.

0
135

මීගමුව රෝහල අද පවතින්නේ බරපතල අර්බුදයකය.
ඒහි ප්‍රධාන තට්ටු ගොඩනැගිල්ලේ ඇති වැසිකිලි පද්ධතියේ සියළු ජලය ඊට පහලින් ඇති වාට්ටු ුතුලට කාන්දු වෙන්නට පටන් ගෙන දැනට වසරක ගණනාවක් වෙයි.
විශේෂයෙන්ම ශල්‍ය වාට්ටුවට තුල කාන්දු වන මේ ජලය ඇතැම් අවස්ථාවල තුවාල කරුවන් මතට මෙන්ම එහි වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල මතටද  ගලයි.
එහෙත් මේ බරපතල ප්‍රශ්ණය විසදා ලිම සදහා කිසිදු ස්ථිර වැඩ පිලිවෙලක් තවමත් නැත.
එපමණක් නොව මෘතශරිරාගාරයේ ඇති අඩු පාඩු පිළිබදව හෙළිදරව්වක් මීගමුව රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිළධාරිවරයා විසින් සිදුකර තිබුණි.එයට අනුව ප්‍රශ්චාත්  මරණ පරික්ෂණ කටයුතු සදහා අවශ්‍ය පිහි ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ වල බරපතල හිඟයකි.
සබන් පවා නැති බව ඔහු හෙළි කර තිබණි.
රෝහලේ වැසිකිල පද්ධතියේ යාන්ත්‍රික ක්‍රියාකාරිත්වයේ අඩපණවිම හේතුවෙන් මළඅපවහන පද්ධතිය අක්‍රිය වෙමින් පවති.
මේ නිසා 16 සහ 20 වන වාට්ටුවල වැසිකිලි මුළු මනින්ම උතුරා යන තත්වයක් මතුව තිබේ.එපමණක් නොව අභිනවයෙන් විවෘතවිමට නියමිත ඩෙංගු වාට්ටුව ඉදිරිපිට ඇති ජලබෙදනය සහිත කුඩා වල මේ නිසා වැසිකිලි අප ජලයෙන් මේ වල පිරෙන්නට පටන්ගෙන ඇත. මෙම ජලබෙදනය විසින් නොමේරු ළදරු ඒකකයට මෙන්ම ගැබනි වාට්ටුවටද ජානිය ජලය බෙදාහැරෙන්නේ මේ හරහාය.
මෙය බරපතල අවධානම් තත්වයකි.
මේ සියළු ඇත්ත තත්වයන් ජනාධිපතිවරයාට පෙන්වා  දිය යුතුයැයි මීගමුව රෝහල් පදනමේ බලධාරින් අවධාරනය කර සිටිති.NGB hospital

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here