යහපාලන ඇමතිගේ මෙහෙයුම සාර්ථකයි ! බිච් පාක් එක යළිත් සිය පියාට ?

0
38

beach-prk-1මීගමුවේ වඩාත්ම කථාබහට ලක්ව තිබු මහනගර සභා ටෙන්ඩරය වු බිච් පාක් ටෙන්ඩරය මෙවරත් ඇමති නිමල් ලංසාගේ පියාට හිමිව ඇතැයි වාර්තා වේ.
දශකයට ආසන්න කාලයක් එක දිගටම මෙම ටෙන්ඩරයේ හිමිකරුවා වු ඔහු මෙවර එය තමන්ගෙන් ගිලිහේ යැයි සිතා දැවැන්ත මෙහෙයුමක් දියතු කර තිබුනේ වෙනත් කිසිවෙකුටවත් තවත් ටෙන්ඩර් ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරිමට පවා ඉඩ නොතබමිනි.
මෙසේ ටෙන්ඩර් ඉල්ලුම් පත් රැගෙන ගොස් තිබුන කිපදෙනෙකු වෙතට විවිධ වරදාන ලබාදෙමින් ඒ  සියළු දෙනා ඉවත් කර තනිඉල්ලුම් කරුවා වි තිබුනේ එය සිය පියාගෙන් ගිලිහි යාමට කිසිදු ඉඩක් නොතබා සහතික වෙමිනි.
නිදහසුනක් ලෙස වත්මන් ශ්‍රිලනිප මීගමුව සංවිධායක ලලිත් ටෙන්සිල් මහතාගේ ප්‍රබල අධාරකරුවෙකු වු ජුඩ් සිල්වා විසින් ලබාගෙන තිබුන ටෙන්ඩර් ඉල්ලම් පත්‍රය පවා පාලනය කිරිමට ඇමති ලංසා විසින් ක්‍රියාත්මක වු අයුුරු මීගමුව දේශපාලන කවයන් අතර ප්‍රසිද්ධ රහසකි.