spot_img
spot_img
Saturday, September 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Editor's Choice යහපාලන නායකයන් චරිත සහතික දෙන ජනපති සිරිසේනගේ හමුදාපතිට දසතින් විරෝධය !

යහපාලන නායකයන් චරිත සහතික දෙන ජනපති සිරිසේනගේ හමුදාපතිට දසතින් විරෝධය !

0
41
 1566200518_6604292_hirunews_Shawendra-silvaජනපති සිරිසෙන විසින් නම් කරන්නට යෙදුන හමුදාපතිවරයා ට එරෙහිව ලොව දසතින් විරෝධය මතුවන්නට පටන් ගෙන තිබේ.
මෙහි දෛවයේ සරදම වන්නේ ජනපති සිරිසේන සැබැවින්ම ජිවිතේ කිසි දවසක සිහිනෙකින් පවා නොසිතු ජනාධිපතිධුරය සදහා නම් යෝජනා කෙරුණද එය ජයග්‍රහණය කිරිමේද උතුරු නැගෙනහිර ඡන්ද කොයිතරම් නම් තිරාණාත්මක වුයේද යන කරුණයි.
තතු එසේව තිබියදි  දමිල ජනයාට එරෙහිව දැවැන්තම මානව විරෝධි මෙහෙයුමක නිරත වු ශවේන්ද්‍ර සිල්වාව ජනපති සිරිසේන විසින්ම දැන් හමුදාපති තනතුරට පත්කොට තිබේ.
මේ පත්විම ගැන කිසිදු දමිල වැසියෙකු සිය එගතාවය පළකරනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැකිය.
ඒ අනුව දැනටමත් දමිල ජනතා නියෝජිතයෙකු වන එමෙන්ම ද්‍රවිඩ සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශකද වන එම්.සුමන්තිරන් සිය ජනයාගේ විරෝධය දැනටමත් ගොනුකොට ප්‍රකාශ කොට තිබේ.
මේ අතර මුල්ම විරෝධය සනිටුහන් කර තිබුනේ ඇමරිකාව විසින් වන අතර අනතුරුව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලේකම්වරියද සිය සිය අප්‍රසාදය නිවේදනයක් නිකුත් කර තිබේ.

ශවේන්ද්‍රට යු‍රෝපා සංගමයත් එ‍රෙහි වෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව පත් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත තානාපති කාර්යාල හා එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම නෝර්වේ හා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලවල එකඟතාව මත යු‍රෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.මේ වන මේ අතර මෙම පත්කිරිම පිලිබදව යහපාලන රජයේ දේශපාලන නායකයන් කිපදෙනෙකුම මාධ්‍ය හමුවේ කියා සිටියේ ශවේන්ද්‍ර සිල්වා පත්කිරිම නිවරදි බවය.එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඊයේ දිනයේ මේ පිළිඳව නිවේදනයක් නිකුත් කොට තිබේ.

මාධ්‍ය නිවේදනය

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ධූරයට පත්කිරීම

ඉහත පත්කිරීමෙන් අනතුරුව පළ වූ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් පහත කරුණු සඳහන් කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයකි.

විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවකි.

චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කණගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ.
‍විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ.

2019 අගෝස්තු 20 වැනි දින