යහපාලනයට එරෙහිව කප්පම් පාලනයට අාවඩන මිගමුවේ රාජ්‍ය නිළධාරින් කව්ද ?

0
66

කන්ටේනර් කාර්යාලය

මීගමුව ටෙලිකොම් ආයතනය අසල පාරට කන්ටේරයක් ගෙනැවිත් එහි ත්‍රිවිල් සංගමයක කාර්යාලයක් ලෙස යොදාගැනීමට ඉඩදීම ගැන අපි මැයි මාසයේ සිට තවමත් අපගේ වෙබ්අඩවියේ ලිපි ගණනාවක් සටහන් කළෙමු. අදාල වගකිවයුතු නිලධාරීන් ගෙන්ද විමසා සිටියෙමු. ඔවුන්ගේ පිළිතුරු අමුතුම ජාතියේ ඒවාය. නමුත් මෙහි යථා ස්වභාවය වටහා ගැනීම උදෙසා ඔවුන්ගේ පිළිතුරු වැදගත්ය.

මේ පිළිබදව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු මහත්මියගෙන් විමසු විට ඇය ප්‍රකාශ කළේ මේ පිළිබදව අවසන් නිවේදනය නිකුත් කර ඇති බවයි. මේ නිසා ඒ ගැන දැනගැනීම උදෙසා අප මීගමුව මහ නගරසභාවේ නාගරික කොමසාරිස් තුමිය ඇමතුවෙමු. ඇය ප්‍රකාශ කළේ එවැනි ලිපියක් නොලැබුනු බවයි.

ඉන්පසු මීගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයෙකු වන ලලිත් ටෙන්සිල් මහතා ඇමතුවෙමු. ඔහු පවසා සිටියේ තමුන්ට හිතවත් ත්‍රිවිල්කරුවන් හතර පස් දෙනෙකුගේ වුවමනාව සදහා කළ නොමනා ක්‍රියාවක් බවත්, වෙනත් අනවසර තැන් වල කඩ ආදිය හිටිහැටියේ කඩාදමන සහ මෙවැනි තැන් ආරක්ෂා කරන මෙම පිළිවෙත හෙලාදකින බවයි.
ලලිත් මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම කන්ටේනරය ඉවත් කිරීමට තමන්ද මැදිහත් වනබව බවයි
.ඒ අතර මේ පිළිබදව අදහස් දැක්වූ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ එ. ජා. ප සංවිධායක රොයිස් විජිත මහතා සදහන් කළේද තමන් මේ සම්බන්ධව කටයුතු කරන සියළු බලධාරීන් සමග සාකච්ඡා කොට මෙම කන්ටේනරය ඉවත් කරන බවයි.
කාරණය ඉතා පැහැදිළිය.
කොන්දක් ඇතිව කටයුතු කරන්නටත්, තම වගකීම් නිසිලෙස ඉටුකරන්නටත් නිලධාරීන්ට ඉඩ නොදෙන නගර පාලනයක ස්වරූපය මෙන්න යැයි කියා පෙන්වන අවස්ථාවන්ගෙන් මේ එක් අවස්ථාවක් මෙය බව පැහැදිලිය. අනවසර දේවල් කොතෙකුත් මේ නගරයේ දී අවසර ලබා ඇත.
එනිසා මෙය පුදුමයට කාරණයක් නොවේ. කෙසේ නමුත් මෙම සිදුවීම දෙස අපි දැඩි අවධානයකින් බලා සිටින්නේ එය ජනතා අවශ්‍යතාවය වන බැවිනි.
රටතුල පවතින්නේ යහපාලනයකි. මීගමුවේ පවතින්නේ කප්පම් නගර පාලනයකි. පරිපාලන අධිකාරිය මුලික වශයෙන්ම වගකිවයුතුවන්නේ යහපාලනයට මිස කප්පම් පාලනයට නොවේ.
එහෙත් මීගමුවේ ඇතැම් රාජ්‍ය නිළධාරිණියන් මෙන්ම නිළධාරින්ද අද කප්පම් පාලනයට නතුව යහපාලනයට එරෙහිව මීගමුවේදි කටයුතු කරගෙන යන බවක් පෙනේ.
මේ අය සම්බන්ධයෙන් අදාල බලධාරින් වහා පියවරගත යුතුව ඇතැයි අප අවධාරණය කර සිටිමු.