කාන්තා මළ සිරැරක් හමුවෙයි .. මරණය සැකයි?

0
56

යාචක කාන්තාවක් බවට සැක කළ හැකි කාන්තා මළසිරැරක් අද  උදෑසන පෙරවරු 9.30 ට පමණ මීගමුව කොළඹ පාරේ  (හලාවත කොළඹ මාර්ගයේ ( කොප්පරා හන්දිය ආසන්නයේ ඇති කීල්ස් සුපර් මාර්කට් ගොඩනැගිල්ල පිටුපස ඇති හිස් ඉඩමේ තිබී (28/8 දරණ ,ලිපිනය )හමු විය. එම මළ සිරුර මැදි වයසේ හෝ වයෝවෘද්ධ කාන්තාවකගේ බව සැක කළ හැකිය. මෙම ඉඩම අයිතිකාරිය කොළඹ වෙසෙන අතර ඇයගේ ඥාතියෙකු විසින් පසුගිය සතියේ එම කැලෑව  එළිපෙහෙලි කර ඇත.  මෙම කාන්තාව යාචක කාන්තාවක් විය හැකි බවට පොලීසිය සැක කරන අතර ඇගේ මරණය පිළිබඳව මීගමුව පොලීසිය විසින් පරීක්ෂණ පවත්වයි.

ඡායා -තුෂාර රොහාන්