රසවත් මාළුවක් ලෙස ධිවරයන් අතරත් පොදුවේ බහුතරයක් ජනයා අතරත් ප්‍රචලිත ඕරා මාළු මේ දිනවල මංකුලිය ලෙල්ලමේදි දැකගත හැකිය.
බඩ ඕරාවන් ලෙසින් ධිවරයන් විසින් හදුන්වනු ලබන මේ ඕරා මාළු විශේෂය බහුල ලෙස මිගමුවට පැමිණෙිමින් ඇත්තේ යාපනයෙන් බව ධිවර ව්‍යාපාරිකයෝ පවසති.
මෙහි කිලෝවක මිළ මේ දිනවල පවතින්නේ රු 180 ත් රු 200 අතරය.
සාමාන්‍යයෙන් අනෙකුත් මාළු වර්ග බොහොමයක මිළ ඉහල අගයක පවතිද්දි මිළ අඩුවට මේ දිනවල ගත හැකි ඕරා මාළු නිසා යම් අස්වැසිල්ලක් පාරිභෝගිකයන් හට හිමිව තිබේ.
ඕරා මාළු පිළිබදව ධිවරයෙකු අපට කියා සිටියේ මෙවැනි කථාවකි.
…..ඕරාව කියන්නේ හරිම රස මාළුවක් . මිරිසට හින්දල උයපුවහම තමයි අගේ. හරිම රහයි.හැබැයි වැඩේ තියෙන්නේ මාළු සුද්ද කරද්දි කටු අණුනොත් පට්ටම විසයි . ඒ හින්ද හරියට පරිස්සම් වෙන්න ඕනා. ඕරාවගේ තියෙන කටුටික මුලින්ම මාළු කපන කතුරකින් පරිස්සමෙන් කපාගන්න ඕනේ . මාළුවව අල්ලන අතට ග්ලව්ස් එකක දාගන්නවනම් තවත් ආරක්ෂාවයි.
බැරිවෙලාවත් කටුවක් ඇණුනොත් ධිවරයන්ගේ අත්දැකිමෙන් විස බස්සන ක්‍රමයකුත් තියෙනවා.හරිම සරලයි. ඒ කියන්නේ ඕරාවගේ බොකු අරගෙන අර කට්ට ඇණුන තැනට ඕතා ගන්න එක…