යාල වැසේ..

0
92

image_1504200714-9d7b2ba1d8

මේ දිනවල පවතින් දැඩි නියං කාලගුණ තත්වය හේතුවෙන් යාල ජාතික වන උද්‍යානය අද (සැප්තැම්බර් 1) සිට මාස දෙකක කාලයක් සදහා වසා දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කල බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක හසිනි සරච්චන්ද්‍ර මහත්මිය පවසනවා.

වන උද්‍යානය නැවතත් මහජනතාව සදහා ඔක්තෝබර් 31 වනදා විවෘත කිරීමට නියමිතයි. ඒ වන විට සාමාන්‍යයෙන් වැසි ඇති වීම එම කාලය තුල වන උද්‍යානයය විවෘත කිරීමට හේතුව වන අතර නමුත් පසුගිය වසරේද බලාපොරොත්තු වූ වැසි නොලැබීම නිසා වනඋද්‍යානය වසා තැබූ කාල සීමාව දීර්ඝ කිරීමට සිදුවූ බවත් සරත්චන්ද්‍ර මහත්මිය පවසනවා.
ඒ අනුව යාල ජාතික වනෝද්‍යානයෙන් පලටුපාන පිවිසුම් ඒකක 1 සහ 2 වසා තැබෙන අතර ගල්ගේ  සහ යාල බටහිර පිවිසුම් ඒකක 3, 2, 5 විවෘතව පවතින බවයි  ඇය පවසන්නේ. එලෙසම ජනතාව සදහා වනඋද්‍යානය වසා තැබෙන කාල සීමාව දිවියන්ගේ ප්‍රජනනය සමය බැවින් සතුන්ට මෙන්ම නිලධාරීන්ටද සතුන් ගැන වැඩි අවධානයක් යොමු කිරීමට කාලය මෙමගින් හිමිවනු ඇති බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකතුමිය වැඩිදුරටත් පවසා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here