”යුක්තිගරුක සමාජයක් බිහිකිරීමේ මූලික කොන්දේසීයක් විය යුත්තේ අතීතයේ යුක්තිය අහිමිවූවන්ට සාධාරණයක් ඉටුකිරීමය”

0
143

2000 වර්ෂයේ ඔක්කෝබර් 19 වනදා  යාපනයේදී වෙඩි තබා ඝාතනය කළ ජේ්‍යෂ්ඨ මාධ්‍යෙව්දී මයිල්වාගනම්  නිමලරාජන් ඝාතනය කර වසර 24ක් ගතවේ. සෑම වසරකම ඔහුට ආදරය කරන, ගෞරවය කරන උතුරු නැගෙනහිර ඇතුළු ලෝකයේ වෙනත් තැන්හි  මාධ්‍ය සගයන් ඔහුව සමරති. සිහිකරති.
යුද්ධය අඳුරු කාලයකි. එම කාලය තුළදී සිදුවූ අයුක්ති සහගත , අසාධාරණ මරාදැමීම් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට කිසිඳු රජයකට තවමත් හැකියාව නොලැබුණි.  මරාදැමූ මාධ්‍යවේදීන්ට,අතුරුදහන්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුනොවීම පිලිබද සටන් පාඨය තවමත් එසැවී තිබේ. යුද වාර්තාකරනයේදී එවකට පැවති රජයන් පක්ෂග්‍රාහීව මාධ්‍ය හසුරුවන විට  සත්‍යවාදීව තොරතුරු වාර්තා කිරීමට නිමලරාජන් වැනි , තවත් බොහෝ මාධ්‍යවේදීන් සිය පෑන අවියක් කරගත්තේය. එවකට විකල්ප මාධ්‍ය ලෙස ලංකාවේ ප්‍රකටව තිබූ රාවය , යුක්තිය වැනි පුවත්පත් සමගත් මේ දමිළ මාධ්‍යවේදීන් ඉතා සමීපව සහයෝගයෙන් කටයුතු කළේය. අන්තර්ජාලය ඒතරම්ව නොතිබූ ඩිජිටල්කරණය නොවුන යුද වැදුන කාලයක පෑන තරම් ප්‍රබල අවියක් නොතිබුණි. ඩිජිටල්කරනය කොතරම් දියුණු වුවත් අද වැනි කාලයක සත්‍ය කුමක්ද කියා තේරුම් ගැනීමට නොහැකි වන තරමට පුද්ගලයින්ගේ විවිධ න්‍යාය පත්‍ර ඉදිරියට පැමිණ ඉතිහාසය විකෘති කරමින් ඇත. බලයට පැමිණෙන කිසිඳු රජයක් යුද්ධයේදී ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකිරීමට නොසමත්වීම යනු අසමත්කමම නොවේ. අවි දැරූ පුද්ගලයන් මත ඇති දේශපාලන ඉල්ලූම තවමත් අප සමාජයේ විටිනාකමක්ව පවතී.


නිමලරාජන් ඝාතනයට සෘජුවම චෝදනා එල්ල වන්නේ  ඊපීඩීපී පක්ෂයේ සාමාජිකයින්ට වන අතර , ඔවුන්ට නිදැල්ලේ සිටීමට හේතුව ඔවුන්ට රාජ්‍ය බලයත් සමග තිබූ සම්භන්ධතාවයයි. මෙම හේතුව සියලූම ඝාතනයවූ මාධ්‍යවේදීන්ට ලංකාවේ නීතිය යටතේ සාධාරණය ඉටුනොවීමට ප්‍රධාන හේතුවක් පවතියි.  මෙම කටුක සත්‍යයෙන් මේ වනවිට බලයේ සිටින රජයට මිදීමට හැකිවේද ?  යුක්තිගරුක සමාජයක් බිහිකිරීමේ මූලික කොන්දේසීයක් විය යුත්තේ ඉතිහාසයේ අඳුුුරු කාලපරිච්චේද වලදී යුක්තිය අහිමිවූවන්ට සාධාරණයක් ඉටුකිරීමය.

උපුටා ගැනීම –  විකිපීඩියා
නිමලරාජන් ඝාතනය කරන ලද්දේ  ඔහු ලිපියක් ලියමින් සිටියදීයි. ප්‍රහාරකයන් ඔහුගේ නිවසට පැමිණ වෙඩි තැබීය. ඔවුන් පිටත්ව යාමට පෙර ඔවුන් විසින් අත්බෝම්බ දෙකක් විසි කිරීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ මව වන ඒ වන විට 58 හැවිරිදි ලිලී මයිල්වාගනම් සහ ඔහුගේ බෑණනුවන් වන 11 හැවිරිදි ප්‍රසන්න ජෙගතාස් ද තුවාල ලබා ඇත. ඔහුගේ පියා වන කැනපතිපිල්ලේ මයිල්වාගනම්වද  (65)  පිහි පහරකින් කපා ඇත. එම කැපුම් පහර ඔහුගේ මුහුණේ සලකුණක් තබා ඇත. නිමලරාජන්ගේ වැඩිමහල් සොහොයුරිය වන ප්‍රමරාණි ජෙගතාස්ට ශබ්ද ඇසී ඇය කාමරයට එන විට අඳුරේම  ඇගේ දෙපා බිම ඇලී ඇති බව ඇයට දැනුනි. ඇය විදුලි පහන දල්වා බැලූ විට, ඇගේ මල්ලිගේ ලේ වලින් බිම වැටී ඇති බව ඇය දුටුවාය. ඔවුන්  ඔහුගේ වැඩිමහල් සහෝදරියගේ පුතා , පියා, මව සහ ඔහුගේ බෑණනුවන් හදිසි වාට්ටුවට ගෙන ගොස් ඇත. ප්‍රමරාණි ඇගේ මල්ලිගේ සිරුර ඇගේ උකුල හරහා තබාගෙන මුළු කාලයම හඬමින් සිටියාය.