යුධ අපරාධකරුවෙකුවූ ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කළේ මෛත්‍රීගේ සහ ගෝඨාභයගේ වුවමනාවට

0
376

IMG-20190831-WA0005

ගරු සත්‍යවේල්  පියතුමා  විසින්  මෙම  අදහස  ඉදිරිපත් කළේ   අතුරුදහන් වූවන්ගේ  දිනය  වෙනුවෙන්  අද  මීගමුව ,ජනාවබෝධ කේන්ද්‍රයේ   පැවති  සම්මන්ත්‍රණයේදීය. මෙම  අවස්ථාවේදී       අදහස්  දක්වමින්  සත්‍යවේල්  පියතුමා  ප්‍රකාශකළේ  විශාල  ජනතාවක් ඥාතීන් වෙනුවෙන්   පාරට බැස  හඬනගද්දී  අප  කුඩා ශාලාවකට  වී  මෙසේ  සාකච්ඡා  කරමින්  කාලය  ගතකිරීම  ලජ්ජාවට  කාරණයක්  බවය.  අදවනවිට  දවස්  876ක්  තිස්සේ    මෙසේ  පාරට  බැහැල  හඬ  නැගුවත්  කිසි වගකිවයුත්තෙක්  මේ  ගැන  තවමත්  කිසි කතාවක්  කර  නැතිබව  පියතුමා  පවසයි. ඔවුන්  මේ  මොහොතේ  ඡන්ද  තරඟයෙ  යෙදිල  ඉන්නෙ.  මට  ඡන්දෙ  දෙන්න.  අපට  ඡන්දෙ  දෙන්න  කියල.IMG-20190831-WA0007

අද  හමුදාපති  කරල  තියෙන්නෙ ශවේන්ද්‍ර  සිල්වාවයි.  ඔහු  යුධ  අපරාධකාරයෙක්.  මාතර  සමුහ  මිනී  වලක්  ගැන  පැවති  උද්ගෝෂණයක්  සඳහා  අපි  සහභාගී  වුනා.  මෙහි  අතුරුදහන්  කල  පුද්ගලයා  වූයේ  මාතර  ප්‍රදේශය  භාරව  කටයුතු  කළ  ගෝඨාභය  රාජපක්ෂයි.  නමුත්  අද  මේ ගැන  ජ. වි. පෙ. කටක්  අරින්නෙ නෑ.  දකුණු  අප්‍රිකාවෙ  මානව හිමිකම්  සංවිධානයක්   ශවේන්ද්‍ර  සිල්වා  පිළිබඳව    පිටු  137ක  වාර්ථාවක්  ඉදිරිපත්  කරල  තියෙනව  ඔහු  කළාවූ  යුධ  අපරාධ  පිළිබඳව.  අද  ඉන්නව  එකසිය  ගනනක්  දරුවන්  සිරගතකරල  මොවුන්  තමන්කළ  වරද  නිසා  භාරවු  අය  නෙවෙයි.  ඔවුන්  දේශපාලන  සිරකරුවන්.  නමුත්  ඔවුන්ට  ගහල,  තර්ජනය කරල,  දත්  කඩල,  තමයි  අත්සන්  අරගෙන  තියෙන්නෙ.  මේ  අනුව   දැන්    මෛත්‍රී,  ශවේන්ද්‍ර සිල්වා,  ගෝඨාභය  සහ  මහින්දගේ  බල  කණ්ඩායමට  තියෙන්නෙ  එකම  අරමුණක්. ඔවුන්  මිත්‍රයො.

මෙම  වැඩසටහන  විකල්පය  වෙබ්  අඩවිය  සහ  ප්‍රභාතය  කලා  මාධ්‍ය  විසින් සංවිධානය කර තිබුණි.