යෝජිත විවාහ පිළිබඳ අලුතෙන් හිතන්න

0
327
1ad14910d6fe73dbce70e467c49d9621_L

යෝජිත විවාහ ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ප්‍රචලිතව පවතින අතර බ්‍රෑන්ඩ්මූවර්ස් ඉන්ඩියා ආයතනය නිර්මාණය කර ඇති මෙම අපූරු වීඩියෝ පටය යෝජිත විවාහ වටා බැඳී පවතින සම්ප්‍රදායික අදහස් පිළිබඳ ප්‍රශ්න කරයි.

එහි එන තරුණිය සිය පියාගෙන් අසන පළමු ප්‍රශ්නය වන්නේ සමෝසා පිඟානක් කෑමට යන කාලය ඇතුලත යෝජිත තරුණයා සමඟ ඇයට මුළු ජීවිත කාලයම ගත කිරීමට හැකිද නැද්ද කියා තීරණය කරන්නේ කෙළෙසද යන්නයි.

එයට පියා එම අවස්ථාවේදී කිසිදු පිළිතුරක් ලබා නොදෙන නමුත් ඔහු එයට අපූරු පිළිතුරක් මනමාලයාගේ පවුලේ සමාජිකයන් සමඟ වන කතාබහේදී ලබාදෙයි.

ඔහු එහිදී යෝජිත තරුණයාගේ මවගෙන් විමසන්නේ ඔහු සහ මනාලිය තරුණයාගේ නිවසට එන්නේ කවදාද යන්නයි.

තරුණයාගේ මව ඒ කුමකටදැයි විමසූ විට ඔහු පවසන්නේ තරුණයාටද නිවසේ කටයුතු හොඳින් සිදු කළ හැකිද , කෑම පිසිය හැකිද යන්න ඔහුගෙ දියණියට දැක බලා ගත යුතු බවයි.

තරුණයාගේ මව ඔහුට උණ වතුර ටිකක් හෝ උණු කර ගැනීමට නොහැකි බව පැවසූ පසු පියා විවාහය අකමැති බව හඟවයි.

මෙතෙක් නිහඬව සිටි තරුණය එවිට තරුණියගේ පවුලට දින දහයකින් පසු ඔහුගේ නිවසට පැමිණෙන ලෙස ඉල්ලයි. ඒ අතරතුර ඔහු යමක් පිසීමට හුරුවන බවත් එවිට තරුණියට ඔහුව සුදුසුදැයි තීරණය කිරීමට හැකි බවත් ඔහු පවසයි.

පහත දැක්වෙන්නේ එම වීඩියෝ පටයයි.

 

Home

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here