යෝෂිත ගැන කලබල වන නිමල් ලංසා ඇතුළු ඇමති පිරිසට ඉල්ලා අස්වෙන්නලු?

0
69

නිමල් ලංසා ඇතුළු ඇමතිමහින්ද රාජපක්ෂ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත් පසු ඒ සම්බන්ධයෙන් කළබල වී විවිධ ප්‍රකාශ නිකුත් කරමින් ඉන්නා ඇමිතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් තවදුරටත් මාධ්‍ය සංදර්ශන නොපවත්වා රටට තම නම් හෙළි කර වහාම ඉල්ලා අස්වීමට කටයුතු කරන්නැයි සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයේදී ඊයේ (5) මාධ්‍යවෙත ඒ  මහතා මෙම ප්‍රකාශය කර ඇත.

මෙම ඇමති නියෝජ්‍ය ඇමති පිරිස අතර අරුන්දික ප්‍රණාන්දු, සුමේධා ජී ජයසේන, නිශාන්ත මුතුහෙට්ටිගම, අනුරාධ ජයරත්න, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, නිමල් ලන්සා, රෝහන දිසානායක යන මැති ඇමතිවරු සිටිති.
http://www.lankatruth.com