රංජන් අද මීගමුව උසාවියට – ලංසාගේ කාන්තා බලකාය අද නෑ

0
60

 

අමාත්‍ය නිමල් ලාන්සා විසින් පා.මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව  පැවරූ නඩුවේ තවත් එක් නඩු විභාගයක් අද  මීගමුව දිසා අධිකරණයේදී පැවැත්විණි. මේ අවස්ථාවට බ.ප.සභා අමාත්‍ය නිමල් ලාන්සා සහ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක යන දෙපළම අද අධිරකරණය ඉදිරියේ පෙනී සිටියහ. ඒ ඇමති ලංසා සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක විසින් පාර්ලිමේන්තුව තුල කරන්නට යෙදුන විවේචනාත්මක ප්‍රකාශයන්ට එරෙහිව ඇමති ලංසා විසින් මීගමුව අධිකරණයට ගොනු කළ නඩුවක් හේතුවෙනි.  මෙම නඩුවේ අද තිරේක දිසා විනිසුරු ඒ.එන්.එම් අමරසිංහ මහතා විසින් විත්තියේ පාර්ශවයට පිළිතුරු බැදීම සදහා නැවත ජුනි මස 08 වනදාට කල්තබන ලදී.
මෙයට පෙර දෙසැම්බර් 15 වනදා මෙම නඩුවාරය පැවති අවස්ථාවේදී අමාත්‍ය නිමල් ලාන්සා විසින් විශාල කාන්තා බලකායක් රංජන්ට විරෝධය දැක්වීම පිණිස අධිකරණය ඉදිරියට කැදවා තිබුණි. අද එම බලකාය පෙනෙන්නට සිටියේ ද නැත.
ඡායාරූපය /දිල්ශාන් ක්‍රිෂාන්ත
IMG_6549-9IMG_6530-4