රංජන්ට පමණක් පෝරුතොට මතක් විම සහ අනික් අයට අමතක විම ?

0
191

පෝර්කොට 2පෝරුතොට 1අප්‍රේල් පළවෙනි සතිය වෙද්දි රටේම කතා බහේ කේන්ද්‍රය බවට පත්ව තිබුනේ පෝරුතොට ප්‍රදේශයයි . එයට හේතුව වි තිබුනේ රටේ දෙවනි කොරෝනා ආසාදිත මරණය සිදුව තිබුනේ මිගමුවේ කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ විම නිසාය.
මේ අසාදිත තැනැත්තා පළමුව නවලෝක රෝහලට ගොස් පසුව එම රෝහලේ මගපෙන්විම තුල මිගමුව රෝහලට පැමිණ තිබුණි. ඒ වන විටත් නවලෝක රෝහල විසින් මේ තැනැත්තාගේ රෝගි තත්වය ගැන සැකකරමින් මිගමුව රෝහල දැනුවත් කර තිබුණි.
කෙසේ වෙතත් අදාල වෛද්‍ය බලධාරියෙකු මේ රෝගි තැනැත්තා පිළිබදව කඩිනමින් ගත යුතු ආරක්ෂිත පියවරයන් ගැනිම  කිසියම් අතපසු විමක් නිසාවෙන් බරපතල තත්වයකට මුහුණ දිමට රෝහල් කාර්ය මණ්ඩලයට සිදුවිය.
කෙසේ වෙතත් රටේම අවලාදයට ලක්ව තිබුනේ මෙසේ මිය ගිය රෝගි තැනැත්තාය.
අද රන්ජන් රාමනායක ගොස් තිබුනේ රටේ දෙවන කොරෝනා මරණය සිදුවිමත් සමගින් එසේ කොන්වි සිටින පෝරුතොට ප්‍රදේශයේ ජනයා වෙත සහල් බෙදා දිම සදහාය.
එජාපය මැතිවරණ අපෙක්ෂකයෝ හෝ සමගි බලවේගය පැත්ත පළාතක නොපැමිණි තත්වයක් තුල මෙන්ම මිගමුවේ ප්‍රධාන පුරවැසියා දායන් ලංසා මෙන්ම නිමල් ලංසාද විසින් මේ ජනයාව අමතක කර දමා තිබියදි රන්ජන්ට පමණක් මතක් විමට සැබැවින්ම සුවිශේෂිය.
එය ඒ ජනතාවගේ හදවතට දැනි තිබුණ බව ඔවුන්ගේ හැසිරිම් නිරික්ෂණය කිරිමේද ඔබටත් පෙනෙනු ඇත.

රන්ජන් බඩු බෙදන්න පෝරුතොටටත් යයි(විඩියෝ )