රජය අනුමත නොකළ විදෙස් ගමනකට නගරාධිපතිට රු. ලක්ෂ 5ක් ? මුදල් කාරක සභාවේ එජාප නියෝජිතයෝ බුදි ?

0
98

dayan lansa mayorදින 7 ක වැඩ සටහනක් සඳහා ඕස්ට්‍රේලියාවට යාමට මීගමුව නගරාධිපතිවරයා නීතියට පටහැනි ආකාරයෙන්  නගරසභාවෙන්  මුදල් අනුමත කරගෙන ඇතැයි වාර්තාවේ . මෙම ගමන සූදානම් කර තිබෙන්නේ ශ්‍රීලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය නමින් වන ආයතනයකින්ය. මෙය රජයේ නිල ආයතනයක් නොවන බවත් ඒනිසා මෙය පුද්ගලික ගමනක් වන හෙයින් නගරසභාවේ මුදල් මේ සඳහා වැයකිරීමට නොහැක . මහජන නියෝජිතයන්ගේ මෙවැනි විදේශගතවීම් සඳහා මුදල් අයකල නොහැකි බවට ජනාධිපතිවරයා විසින්ම ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන පලාත් පාලන ආයතනවල මෙවැනි ගමන් වලට මුදල් වැය කිරීම අත්හිටුවා ඇත. ඒනිසා නගරාධිපතිවරයාගේ මෙම ඕස්ට්‍රේලියානු ගමනට නගරසභාවේ මුදල් වැයකිරීමට කරන ඉල්ලීම බස්නාහිර පලාත් පාලන කොමසාරිස් සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්ද ප්‍රතික්ෂේප කර ඇත. නමුත් නගරාධිපතිවරයා යටතේ සිටින නාගරික කොමසාරිස් වරිය කැඳත් රැවුලත් ⁣බේරා ගැනීමේ න්‍යායට අනුව ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් මීගමුව නගරසභාවේ මුදල් කාරක සභාවේ නිර්දේශය සඳහා ඉදිරිපත් කර ඇත .මේ අය මේ සඳහා මෙම ගමන නිසා ලැබෙන ප්‍රතිලාභයන් ගැන කරුණු ගෙනහැර පාමින් මේ සඳහා නගරසභාවේ මුදල් අනුමත කර ඇත.මෙම මුදල් කාරක සභාවෙහි සාමාජිකයින් වන්නේ නගරාධිපතිවරයාට හිතවත් පිරිසකි. නගරාධිපති වශයෙන් දයාන් ලංසා එහි අනීවාර්‍ය සාමාජිකයෙකි . නියෝජ්‍ය නගරාධිපති වන මොහොමඩ් පරීස්, ඇන්ටනි ජයවීර , සේපාල මොරවක , එ. ජා. ප. යේ මොහොමඩ් නස්මියාර් සහ කැලිසන් ජයකොඩි ද මෙම මුදල් කා. සභාවේ සාමාජිකයින් වේ.මේ සඳහා වැයවන මුලු මුදල රු. ලක්ෂ 5,10,000කි.මේ අනුව වීසා ගාස්තුව රු. 18,000කි. රාත්‍රි 06ට රු. 1,62,000කි. ගුවන් ටිකට් පතට 1,40,000 ,කි. පාඨමාලා සහ අධ්‍යන වියදම් රු. 1,30,000කි. අනියම් වියදම් ලෙස දිනකට ඩොලර් 50ක් බැගින් දින 7ටඩොලර් 350කි. එනම් රු. 60,900කි.මෙකී ගමනට නිවාඩු අනුමත වී ඇති නමුත් නගරසභාවේ මුදල් අනුමතවී නැති තත්වයක් යටතේ ඉහත සඳහන් පරිදි ගන්නා තීරණ මත එය මුදල් අධිභාරයකට යටත් වන බව තතු දන්නා අය පවසති .
එසේම නගරයේ පොදු ප්‍රශ්ණ රාසියක් තිබියදී නගර පාලකයා සහ ඔහුගේ සහචරයින් මෙසේ කටයුතු කරන්නේ නම් මීගමුව නගරසභාවේ සංවර්ධනය ගැන කරන කථා හිස් ප්‍රලාපයක් පමණි.මෙහිදි මතුවෙන එක් ප්‍රධාන ගැටලුවක් තිබේ.එනම් එජාප නියෝජිතයන් දෙදෙනා සැබැවින්ම සේවය කරන්නේ කා වෙනුවෙන්ද යනුවෙනි.