රජය මේ සැරසෙන්නේ වෙබ් මාධ්‍ය දඩයමකටද ?

0
107

Newscenter-193( 6.00 pm ) වෙබ් අඩවි තහනම් කිරීමක් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැතත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇතැයි newscenter.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

පුද්ගලයන්ගේ චරිත ඝාතනය කරමින් මඩ ගසමින් අසත්‍ය තොරතුරු පළ කරන කිසිදු ලියාපදිංචියක් නොමැති වෙබ් අඩවි කිහිපයක් ඇති බව ද ඔහු පැවසු බවද එහි වැඩිදුරටත් සඳහන්ය.එවන් වෙබ් අඩවි සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයැයි යන මතයේ රජය සිටිනා බව ද ඒ මහතා සඳහන් කර ඇත
එය සිදුකරන්නේ රජය වෙනුවෙන් නොව රටේ ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් බවද ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කොට තිබේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කර තිබුණි.
මේ අතර වෙබ් අඩවි ලියාපදංචිය සම්බන්ධයෙන් තවදුරටත් ගැටළු ගණනාවක් පවති. විශේෂයෙන්ම පසුගිය රාජපක්ෂ පාලනය වෙබ් අඩවිය ලියාපදිංචි කිරිම සදහා විශාල මුදලක් අයකිරිමට කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් වෙබ් අඩවි ලියාපදිංචි කිරිමට අදාලවත් ඒ මුදල පිළිබවත් නිසි නිතිමය ප්‍රතිපාදන නොමැති බවද පසුගිය කාලය කුල වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් අවස්ථා ගණනාවකදි කරන්නට යෙදුන සාකච්ජා වලදිද හෙළිව තිබුණි.
දැනට රාජ්‍ය ආයතන ගණනාවක් විසින් නිකුත් කර ඇති නිරෝධායනයට අදාල වාර්තාකරණය පිළිබදව මගපෙන්විම් ගැන කිසිදු තැකිමක් නොකරමින් කටයුතු කරන ලද ඇතැම් වෙබ් අඩවි ගැනද පුලුල් සංවාදයක් පසුගිය දවස්වලදිද මතුව තිබුනේ can you hear me ටෙලි නාට්‍ය ශිල්පින් අපහසුවට පත්කරමින් ඇතැම් වෙබ් අඩවි කටයුතු කර තිබුණ අන්දම ගැනය.

මෙහිදි ප්‍රබල චෝදනාව එල්ලවි තිබුනේ රජයට ඉතාමත් සමිපව කටයුතු කරගෙන යමින් සිටින පුවත් පතක් විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියක් වෙතය.
කෙසේ වෙතත් රට තුල ආචාරධාර්මික වෙබ් මාධ්‍ය කලාවක් ස්ථාපිත කළයුතුව තිබෙන අතර වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් දැනටමත් වෙබ් මාධ්‍ය ආචාරධර්ම පිළිබදව ලියවිල්ලක්ද  සකස් කොට තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here