රජයේ ආයෝජනවල ප්‍රතිලාභ මීගමුවේ ඇමති පියාට ……

0
28

fish-market-2රජයේ ආයෝජනවල සෘජු ප්‍රතිලාභියා විමේ වරම නැවතත් ඇමති නිමල් ලංසා විසින් සිය පියා වෙත දායදකර තිබේ.
මැත ඉතිහාසය තුල පමණක් මෙසේ තම පියාවෙත උරුම කර දෙනු ලැබු ව්‍යාපෘති ගණනාවකි.
මින් කිපයක් පමණක් ගැන සදහන් කරන්නේ නම් මීගමුව කොටුව පිට්ටනිය අසල පිහිටි මාළු වෙළද පොල මින් එකකි TRIP නම් වු ව්‍යාපෘතිය යටතේ ලක්ෂ 400 කට එහා වැය කරමින් ඉදිකෙරුන මේ මාළු වෙළදපොල නිතිවිරෝධි ලෙසින් වැල්ලවිදියේ පල්ලියේ භාරකාරිත්වයට පවරා පසුව එහි ටෙන්ඩරය වසර ගණනාවක් සදහා සිය පියා වෙත පවරා  දි තිබේ.
විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක වු මෙම ව්‍යාපෘතියෙන් කිසිදු ආදයමක් මහනගර සභාව වෙත හෝ එයට බදු ගෙවන ජනයා වෙත හිමිව නැත.
මාළු ගන්නට යන ජනයා මහපාරේ නවතා තබන යතුරු පැදියෙනුත් අදායම් ලබන්නේ ඇමති පියා විසිනි.
පසුගිය දිනක මේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ප්‍රතිලාභ ගැන විමසා ආදාල ආයතනයන් විසින් ආසා සිටි අවස්ථාවේ මීගමුව මහනගර සභාවේ නගරාධිපතිවරයා කියන්නට ඇත්තේ මොනවාදැයි අප නොදනිමු.
එකක් දනිමු. මෙය සිය දේශපාලන ගුරුගේ තාත්තා විසින් භුක්තිවිදිමින් සිටින බව නම් නොකියන්නට ඇත.
ඒත්තුකාලේ බිච් පාක් එක අනෙක් ව්‍යාපෘතියයි.
නගර සභාව විසින් ගත යුතු අදායම වෙනුවට එය වසරක් පසා දැන් දශකයකටත් වැඩි කාලයක් තිස්සේ ටෙන්ඩර්ය හිමිකරගනු ලබ්න්නේ ඇමති පියාවෙනුවෙන්  ඉදිරිපත් වන ඇමති ආධාරකරුවෙකි.
හිරිකිතියක් නැති මේ ගසා කැම්වල අළුත්ම නාටකය වන්නේ ලක්ෂ 200 කටත් වඩා වැයකරමින් බස්නාහිර පළාත් සභාවේ සංචාරක අමාත්‍යංශය විසින් බිච් පාක්එකේ ඉදිකරන්නට යෙදුන පිහිනුම් තාටාකයයි.
මෙවන් පිහිනුම් තාටාකයක් වෙරළ සංරක්ෂණ නිතිය අනුව කිසිසේත්ම ඉදිකරන්නට අවසර දෙන්නේ නැතැයි කි වෙරළ පරිසර ලොක්කෝ කුක්කන් සේ ඇමති පියාට දැන් පිහිනුම් තටාකයටත් හිමිකම ලබාදි ඇත.
සංචාරයකයන් හට වාහන කුලියට ලබාදෙන බෝබි නැමැත්තෙකුගේ නමින් ලබාගෙන ඇති මේ පිහිනුම් තටාක ටෙන්ඩරය ගැන බස්නාහිර පළාත් සභාවේම ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් පිළිකුලෙන් යුතුව කථා කරන බවත් මේ සම්බන්ධයෙන් විවිධ පෙත්සම් ඉදිරිපත්ව ඇති බවත් අද මීගමුවේ ආණ්ඩු පක්ෂය අතර පවතින ප්‍රසිද්ධ රහස් වේ.
මේ නිසාම ඇමති ලංසා සිය ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරන්ව පවා නොරුස්සනා තත්වයකට පත්ව ඇතැයිද වාර්ථා වේ.