….


බණ්ඩාර පෙදරේරු කර්මාන්තය සඳහා මුළු දිවියම කැපකළ අහිංසක මිනිසෙකි .
තමන්ගේ පවුල නඩත්තු කිරීම අද ඔහුට බරපතළ අභියෝගයක් බවට පත්ව ඇත .සිමෙන්ති කොට්ටය රු.2500/ ක් පමණ ඉහළය. වැලි , කළුගල් යන පෙදරේරු කර්මාන්තයට අදාල සියළු දෑවල මිල ඉහළය. ඒ නිසා අද බණ්ඩාර වැනි මෙම රස්සාව තුළින් ජීවිතය සරිකර ගත් මිනිස්සු කබලෙන් ලිපට වැටී ඇත .
ඔහු බනිස් ගෙඩියක් කෑමට හෝ රු. 200/ ක් වත් සොයාගත නොහැකිව පාරට වැටී ඇත .
පාලකයෝ වගේ වගක් නැතිව කළ අදූරදර්ශී පාලනය නිසා අද රට ගොඩ ගත නොහැකි අපායක් බවට පත්ව ඇත .
එවන් පසුබිමක බණ්ඩාර වැනි රට ගොඩ නැගීමට දායකවූ අය මෙකී තත්ත්වය හමුවේ සුසුම් හෙළති.
මේ නරාවලෙන් අපි ගොඩ ආ යුතුමය . වැඩ කරන පන්තියේ බණ්ඩාරලා සියළු දෙනා මේ දූෂිත ක්‍රමය වෙනස් කළ යුතුව ඇත.
අපි ජයගන්නෙමු!