රට යවනවා කියා මුදල් වංචා කළ මන්ත්‍රී බේරගන්න මිගමු එජාප සංවිධායක කිලිනොච්චි යයි ?

0
349

මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට යවන බවට පොරෝන්දු වි ලක්ෂ ගාණක මුදලක් වංචා කළ මිගමුවේ හිටපු ශ්‍රිලනිප මන්ත්‍රීවරයෙකු වන නිමල් ඩයස් මේ වන විට දින 14 කට බන්ධනාගාර ගත කොට ඇතැයි වාර්තා වේ

ඒ වින්දිතයන් විසින් කිලිනොච්චි පොලිසියට කර තිබුන පැමිනිල්ලකට අනුවය.

ඊයේ පැවැති උසාවි දිනයේදි මේ හිටපු ශ්‍රිලනිප මන්ත්‍රීවරයාව ඇප දි බේරාගැනිමට ගොස් තිබුනේ මිගමු එජාප සංවිධායක ගිහින් බෙන්ජිමින් යැයිද වාර්තා වේ.

ජනපති වික්‍රමසිංහ ලංකාවේ ආර්ථික අර්බුදය විසදාලිම සඳහා විවිධ රටවල සහය ලබාගනිමින් සිටියදි ඔහුගේ මිගමු නියෝජිතයා නිති විරෝධි ලෙසින් ඕස්ට්‍රේලියාවට මිනිසුන් පැටවිමේ ජාවාරම්කරුවෙකු බේරාගැනිමට මේ වන මෙහෙයුමක නිරතව සිටි.

උතුරු පළාතේ අසරණ ජනයාට වංචා කරමින් ලබාගත් මුදල් නැවත ලබා නොදිම නිසා වින්දිත පාර්ශවය විසින් නිමල් ඩයස්ට එරෙහිව කර තිබුන පැමිණිල්ලක් පදනම කරගනිමින් මෙසේ නඩු පවරා තිබුණි.

හිටපු ශ්‍රිලනිප නාගරික මන්ත්‍රී නිමල් ඩයස්ට ඇප ලබාගැනිමේ මෙහෙයුමේ බරපැන මිගමුවේ කුප්‍රකට කලු සල්ලි දේශපාලකයෙකුගෙන් බවද කියැවේ.