රට විරුවන්ටත් පාට් දැමු රාජපක්ෂලාට එරෙහිව එතෙර ශ්‍රිලාංකිකයෝ පෙළගැසෙති.

0
503

කොරෝනා වසංගත තත්වය හමුවේ සිය මව්රට බලාඒමට බලාපොරොත්තුවෙන් සිටින ලක්ෂ ගණන ශ්‍රිලාංකිකයන්ගෙනුත් හම්බකරන් කන්න සිය ගජමිතුරන්ට ඉඩ සලසා දි ඇති රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව දැන් ලෝකය පුරා විසිරි සිටින ශ්‍රිලාංකිකයෝ ඒකාවන්ව පෙළගැසෙමින් සිටිති.ඒ ආගම් ජාති භේදයකින් තොරව ශ්‍රිලාංකිකයන් ලෙසිනි
ඊයේ දිනයේ පැරිසියේ පැවැති විරෝධතාවය ශ්‍රිලාංකිකයන්ගේ මේ එකමුතු ගැන කියන කදිමම නිදසුනයි.
මේ සැම මුහුණ දෙන පොදු පිඩාව හමුවේ සිංහලෙන් දෙමළෙන් ද බැනර් අතැතිව ඔවුන් දැන් වීදි බැස සිටිති.
ඊයේ 17/03/2021 අද දින ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරියෙහි, ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික එකමුතුව විසින් ශ්‍රී ලාංකික විදේශ ගත සමස්ත ප්‍රජාව වෙනුවෙන්, ලෝකයේ අනිත් රටවල් සේම තම රටට ඒමට තිබෙන නිදහස හා අයිතිය ඉල්ලා ශ්‍රී ලංකා ආණ්ඩුවේ පාලකයින්ට විරුද්ධව පැවැත්වූ උද්ඝෝෂණය විශාල ඡායාරූප ප්‍රමාණයක් එහි සිටින මිපුර වෙබ් අඩවියේ පාඨකයන් විසින් අප වෙත එවා තිබුණි.
මේ ශ්‍රිලාංකිකයන්ගේ අරගලයට ජයවේවා..