රට හිඟමනට ඇද දැමු රාජපක්ෂලා ගැන කාර්දිනල් හිමිට අමතකද?

0
368

කාර්දිනල් උන්වහන්සේ දැන් කාලයක් තිස්සේ කැලැන්ඩරේ දින ගණිමින් ඉන්නව ඇත්තේ දෙන්නම් බැටේ දේශනා තියන්න.

අල්තාරය මත එදාට තියන පුජාවට කිසිම අදාලත්වයක් නැති දේශපාලන කතාත් උන්වහන්සේ දැන් කරනව.හරියට එදා තේවත්තේ ලෙඩුන්ගේ මංගල්‍යය දවසෙ ලංකාවයි ඉන්දියාවයි යා කරන්න හදන්න යන පාලම ගැන කිව්ව වගේ.මටනම් හිතුනේ ඒක ලෙඩුන් සුව කිරිමේ මෙහෙයේ දේශනාව මැද්දට දාපු චින ඇඩ් එකක්ද කියල

.මොකද තේවත්තේ බැසිලිකාව හදන්න ෆෝට් සිටියෙන් සල්ලි දුන්න කතාවකුත් ඒ කාලේ තිබුනනේ.

දැන් මං කියන්න යන කතාවත් තව පොඩ්ඩෙන් අමතක වෙනව මේ ඇඩ් කතාව හින්ද.

කාර්දිනල් උන්නාන්සේ අල්තාරේ ඉදන් කරන දේශපාලන කමෙන්ට් ප්‍රකාශ වලදි මේ රට හිඟමනට ඇදල දාපු රට කාබාසිනියා කරපු රාජපක්ෂල ගැන කියනව හරිම අඩුයිනේද?

මේ රට මේ තත්වයට ඇදල දාපු රාජපක්ෂලගේ නම් පිටින්ම උසාවියෙනුත් නියෝගයක් දිල තිබුනනේ.ඉතින් තවත් මොන කතාද?

වැඩේ කියන්නේ කාර්දිනල් උන්නාන්සේ නිදහස් දවසේ දේශනාවේදි කියල තිබුනේ රටේ පිඩාකාරි නායකත්වය වෙනුවට අලුත් නායකයෙක් පත්කරන්න ඕනා කියල.

පාස්කු ප්‍රහාරයෙන් පස්සේ තිබුන ඡන්දෙ වෙලාවෙ උන්වහන්සේ කිව්වේ නැද්ද පාන්දරම ඡන්ද පොලට ගිහින් කරන්න ඕන විදිය.

රටට⁣ හොදටම වලපල්ලට ගියේ එයා පත්වුනාට පස්සේ නේද.ඉතින් දෙයියනේ උන්නාන්සේට කියලත් ලැජ්ජාවක් තියෙන්න එපැයි උදෙන්ම ඡන්ද පොලට ගිහින් කරන්නැයි කියල නොකිය ඉඟිකරපු එකා හින්ද රටටම කෙළවුනා නේද කියල.

මට හිතන්නේ දැන් උන්වහන්සේගේ වයසේ හැටියට ඔය දේශපාලන විග්‍රහ අල්තාරේ ඉදන් නොකර හිටිය නම් හරි කියලයි.

මගේ මතකේ හැටියට කතෝලික සභාවේ ඔය විදියට අල්තාර කතා දාපු රදගුරුවරු ගැන නම් මතකයක් ඇත්තෙම නැ.

ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා නම් ඔයා කතා දාන්න ගිහින් හොදටම සවුත්තු වෙලානේ ඉන්නේ.

කතෝලික සභාවටත් පොඩියට හරි ඒ වගේ කාඩ් එකක් වැදුනනම් ඒ කාර්දිනල් උන්වහන්සේ හින්ද කියල තමයි මට නම් හිතෙන්නේ.

උන්වහන්සේ ෆේස් බුක් බලනවද දන්නේ නැ.මොකද අර වැ⁣ට් 69 බෝතලේ දාල රටට දිල තිබුන පණිවිඩේ තමයි ඇත්තම කතාව.මේ වැට් කියල කියන්නේ 69 එකේ ප්‍රතිපලේ..ඒක තමයි පට්ටම ඇත්ත.හැබැයි මේ 69 කතාව උන්වහන්සේට දැන් නිනව්ම නැ වගේ…

පිටර් ප්‍රනාන්දු -පිටිපන