රටපුරා පැවති හෙද වර්ජනය අවසන් ! එත් මීගමු රෝහලේ තාමත් ක්‍රියාත්මකයි !

0
152

NGB hospital 1අතිකාල දිමනා ඇතුළු ඉල්ලිම් කිපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මකවු වැඩවර්ජනය අද උදෑසනින් අවසන්ව තිබුණද මීගමුව රෝහල තවදුරටත් එය ක්‍රියාත්මක බව වාර්ථා වේ.
මේ පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව රෝහලේ අධ්‍යක්ෂකවරයා කියා සිටියේ රෝහල තුල වර්ජනය අද දිනටයත් ක්‍රියාත්මක බවත් එහෙත් අතවශ්‍ය රෝගී සේවාවන් ත්‍රිවිධ හමුදා හෙද කාර්ය මණ්ඩලවල සහය ඇතුව සිදුකරමින් සිටින බවත්ය.
මීගමුව රෝහලේ හෙද වර්ජනය අද දිනයටත් ක්‍රියාත්මක විමට හේතුව හමුදා හෙද කාර්ය මණ්ඩල සම්බන්ධ කරගැනිම යැයි කියන මතය ඇත්තක්දැයි අප කළ විමසුමට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එය ප්‍රතික්ෂේප කරන බවය.