රටපුරා සිදුකරන ලද පහරදිම් වලට එරෙහිව මාධ්‍යවේදින් කොළඹ විරෝධතාවක…

0
43

 

media protest cmb oct 3DSC_0512new DSC_0493new DSC_0538newමෙරට ක්‍රියාත්මක පළල්ම මාධ්‍ය ජාලය වන මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් ප්‍රාදේශිය මාධ්‍ය සංවිධාන ඇතුළුව විපක්ෂයේ දේශපාලන පක්ෂද සහභාගිකරගනිමින් පැවැති විරෝධතාවය අතිසාර්ථකව පැවැති බව එහි කැදවුම්කරු ජේෂ්ඨ මාධ්‍යවේදි හිටුප ලක්බිම කර්තෘ සමන් වගආරච්චි මහතා මිපුර වෙබ් අඩවියට පැවසිය.
පසුගිය කාලය පුරා රටතුල විවිධ ප්‍රදේශයන්හිදි ආණ්ඩුවේ හෙංචයින්ගේ විවිධ පහරදිම් වලට ලක්වු මාධ්‍යවේදින්ගේ ප්‍රශ්ණ මෙහිදි ප්‍රධාන අවධානයට යොමු කර තිබුණි.
මෙම උද්ඝෝෂණය සදහා ප්‍රධාන විපක්ෂයේ සියළුම පක්ෂ නියෝජනය කරමින් එහි ප්‍රධානින් රැසක් එක්ව තිබුණි.
මෙම උද්ඝෝෂණයේ ප්‍රධානතම කැපි පෙනෙන ලක්ෂණය වි තිබුනේ රටේ නන් දෙසින් විශාල ප්‍රාදේශිය මාධ්‍යවේදින් පිරිසක් එක්ව සිටිමයි.
මීට පෙර පැවැති බොහෝ මාධ්‍යවේදි උද්ඝෝෂණවලදි එහි උද්ඝෝෂකයන්ට වඩා වැඩියෙන් සිටියේ එය ආවරණය කිරිමට පැමිණි මාධ්‍යවේදින්ය.
මෑත ඉතිහාසයේ පළමු වතාවට ආවරණය සදහා පැමිණෙන මාධ්‍යවේදින්ට වඩා විශාල මාධ්‍ය ක්‍රියාකාරින් පිරිසක් පෙරමුණ ගත් පළමු උද්ඝෝෂණය ලෙසින් මෙය ඉතිහාසයට එක්වනු ඇත.
මෙම උද්ඝෝෂණය කඩාකප්පල් කිරිම සදහා මාධ්‍ය ක්ෂේත්‍රයේම පිරිසක් ගත් සියළු උත්සාහයන් පරාජය කරමින් හෙට දිනයේ ප්‍රාදේශිය ජනමාධ්‍යවේදින්ද එක් කරගත් දැවැන්ත මාධ්‍ය ව්‍යාපාරයක් ගොඩනැගිම සදහා අද මුල් පියවර තබා තිබුණි.
DSC_0510newDSC_0511newDSC_0498newDSC_0518DSC_0522newDSC_0509new2DSC_0517newDSC_0529new DSC_0518 DSC_0522new DSC_0528new