රටම මැච් බලද්දි ත්‍රිකුණාමලේ සිංහල ජාතිවාදින් යකා නටති ! පොලිසිය බලා සිටි..

0
280

ජාතික කොඩි රැගත් සිංහල ජාතිවාදීන් පිරිසක් ත්‍රිකුණාමලයේ කප්පල්තුරෙයි ප්‍රදේශයේදී තිලීපන්ගේ රූපය රැගත් වාහනයකට සහ ඒ සමග ගමන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසකට පහර දී තිබේ.

තිලීපන් යනු, දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම , ඉන්දියානු හමුදා මැදිහත්වීම් සහ උතුරේ එකල සිදු වූ සීමාව ඉක්මවූ මිලිටරිමය බලපෑම්වලට එරෙහිව මරාන්තික උපවාසයක් කොට සිය ජිවිතය පරිත්‍යග කළ සමස්ථ දෙමළ ජනයාගේ ගරු බුහුමනට පත් දේශපාලන ක්‍රියාධරයෙකි.

තිලීපන් සැමරුම සැප්තැම්බර් 26 වැනිදාට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් නැගෙනහිර පළාතේ පොතුවිල් සිට නල්ලූර් දක්වා රථයකින් තිලීපන්ගේ රථ පෙළපාලිය හරස් කරමින් මේ ම්ලේච්ජ පහරදිම සිංහල ජාතිවාදින් විසින් සිදුකර තිබේ.

කාන්තාවක් විසින් තිලිපන්ගේ පිළිරුවට මුුරකින් දිගටම පහර දෙන අතර එම රථයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුද සිටි. මේ ආකාරයෙන් නීතිය අතට ගැනිමට ජාතිවාදින්ට ඉඩ දෙන්නේ නම් ත්‍රිකුණාමලයේ සාමය හා ආරක්ෂාව සදහා පොලිසියක් කුමටද යන ප්‍රශ්ණයද මතුවේ

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුද සිටි මෙම නිහඬ රථ පෙළපාලියට නරුමයන් ලෙසින් පහරදුන් අය කියා සිටියේ මේවා තොපි ගිහින් යාපනේ කරගනියව් කියාය.

දකුණේ රැඩිකල් වාමාංශික බලවේග මේ ම්ලේච්ඡ ක්‍රියාවට ප්‍රතිචාර දක්වන ආකාරය වත්මන් වාමාංශික දේශපාලනයේ ලිට්මස් පරික්ෂණය වනු ඇත. එමෙන්ම ක්‍රිකට් මැච් අස්සේ පෙන්වන පොටෝ ගැන බුකියේ සටහන් තබමින් ජාතික සමගිය ගැන රචනා ලියපු අය ජාතික සමගිය වින කටින මේ ජාතිවාදින් ගැන කියන්නේ කුමක්ද ?

iසිංහල ජාතිවාදින් සාමකාමි රථ පෙරහැරකට ත්‍රිමලේදි පහර දෙයි -https://web.facebook.com/makalkuralnews/videos/1454963241962915