රටේ තිරාණාත්මක අයවැයක් අතරේ පිටරට රවුම් ගිය මන්ත්‍රිලා

0
88

රටක ජනතාවගේ ඉදිරි අනාගතය හා බැදුන ප්‍රධානතම දේශපාලන මැදිහත්විම වන රටක අයවැයයි.
ඒ කාල සිමාව තුලදි දවල් කෑමට පවා නවත්වන්නේ නැතිව අයවැය විවාදය පැවැත්වේ.
විශේෂයෙන්ම මෙවර අයවැය ගැන ජනතාව මහත්සේ බලාපොරොත්තු දල්වාගෙන ඇතිවා සේම බරපතල විවේචනයන්ද පැන නගමින් තිබේ.ඒ නිසාම මහජන ඡන්දයෙන් පත්වු මන්ත්‍රිවරයා යනු එහි සිටියම යුත්තෙකි.,
දේශපාලන පක්ෂ විසින් අයවැය සමයේ සිය මන්ත්‍රිවරුන්ට විදෙස් ගමන් නවතාලන ලෙසට ඉල්ලා සිටින්නේ ද මේ නිසාමය.
තතු එසේ වුවද අයවැය තවමත් අවසන්ව නොතිබියදි රාජ්‍ය තාන්ත්‍රික නොවන විනෝද චාරිකාවක් සදහා ඉතාලියට ගිය එජාප මන්ත්‍රිවරුන් පිරිසක් ගැන දැනගන්නට ඇත.
මේ අයගේ මුහුණුපෙොත් වල ඇති ඡායාරූප කියා සිටින්නේ අයවැයක් අස්සේ ගිය අතිශය වැදගත් රාජ්‍ය තාන්ත්‍රික ගමනක සේයා නම් නොවේ.
රෝමයේ ප්‍රකට පොකුණකට මාරුකාසි විනෝදයට විසිකරමින් සිටින්නේ නොබෝදා පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ලෙසින් පක්ෂය විසින් නම් කළ හෙක්ටර් අප්පුහාමිය.(රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරන ලද මහින්ද රාජපක්ෂගේ 18 වැනි සංශෝධනයට එරෙහිව වෙන්නප්පුව නාත්තන්ඩිය ජනයා පාරට බැස විරෝධය දක්වද්දි හෙක්ටර් අප්පුහාමි සිටියේ මහින්දගේ ආණ්ඩුවේ සල්ලිවලින්  මහින්දගේ වයඹ ගෝලයන්ගේ කරට අතදාගෙන පිටරට සවාරියකය.
එපමණක් නොව වයඹ මහඇමතිවරයා විසින් එක්තරා අවස්ථාවක වයඹ පළාත් සභා මන්ත්‍රිවරුන් යන්නට සුදානම් කරගෙන සිටි විදේස් චාරිකාවක් නොයන ලෙස දන්වා සිටියදි ඒ ගැනද නොතකා මහින්දගේ ගෝලයන් සමගින් කලින් රටින් පනින්නට පවා  කටයුතු කළ අයෙකි.)
වෛද්‍ය කාවින්ද ජයවර්ධනගේ මුහුණු පොතේ ඇත්තේද අයවැයටත් වඩා වැදගත් රාජ්‍ය තාන්ත්‍රික ගමනක් ගැන කියන සේයා නම් නොවේ.
සුද්දෙක් සමගින් ඔහු කෝපි බොමින් සිටි.ජනපති සමගින් ඡායාරූප ගෙන තිබේ.
(වෛද්‍ය කාවින්දට නම් රෝම සවාරියේ රාත්‍රිය  අමතක නොවන එකක් වනු ඇත්තේ මීගමුවේ සංචාරක කලාපයේ   ඔහුගේ  මීගමුවේ   ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ අතිජාත මිතුරන් හා ගතකරන රාත්‍රින්ට වඩා මනරම් අත්දැකිම් ලබන්නට හැකිවනු නිසා විය හැක.එපමණක්ද නොව අත්දැකිම් බහුල ජෝන් අමරතුංග සහ නිමල් සිරිපාල වැනි ඇමතිවරුන්ගේ  අත්දැකිම් මත පදනම් වු මගපෙන්විම්ද නොඅඩුව ලබන්නට තරම් වාසනාවක් තිබිමත් නිසා මෙම රෝම සවාරිය වෛද්‍ය කාවින්ද මන්ත්‍රිවරයාට නම් කිසිදා අමතක නොවන එකක්ම වනු නියතය .)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මයිනර් කාර් වල කෑලි ලබා දි ප්ලේන් එකක් හදන්න යැයි අභියෝගයක් පැවරි ඇතිවා සේය……….
Dr.Kavindadr.Kavinda